අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

රජයට සාර්ව - ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ

රජයට සාර්ව - ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් කිසිම අවබෝධයක් නැහැ

- විපක්ෂ නායක අවධාරණය කරයි - ආර්ථික කළමනාකරණය ගැන කතා කරන විට සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස පැතිකඩ දෙකක් ඇති බවත් අද වන විට මේ දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය…

- විපක්ෂ නායක අවධාරණය කරයි - 

ආර්ථික කළමනාකරණය ගැන කතා කරන විට සාර්ව සහ ක්ෂුද්‍ර ලෙස පැතිකඩ දෙකක් ඇති බවත් අද වන විට මේ දෙකෙන් එකක්වත් ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායන් සේම කර්මාන්තකරුවන් හමුවී වත්මන් ආර්ථික තත්ත්වයෙන් ඔවුන්ට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාව අතරතුරදීය.

සාර්ව ආර්ථිකය යනු විරැකියා ප්‍රතිශතය උද්ධමනය වෙළෙඳ ශේෂය ගෙවුම් ශේෂය ආර්ථික වර්ධන වේගය අයවැය පරතරය හා විනිමය අනුපාතිකය ඇති බවත් සාර්ව ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වත්මන් රජය කෙතෙරම් දුරට සාර්ථකද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

ක්ෂුද්‍ර ආර්ථික කළමනාරණය ගැන ද රජය නොසලකා හැර ඇති බවත් තනිපුද්ගලයන් කුටුම්භ ව්‍යාපාර කර්මාන්තකරුවන් මෙයට අයත් බවත් මොවුන් රටට ධනය උත්පාදනය කරන බවත් වත්මන් රජය ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය ද නොසලකා හැර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ගැටලු කළමනාකරණය කරන්න සාර්ව සහ ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය ගැන සිතිය යුතු බවත් මේ සම්බන්ධයෙන් වන ගැටලු ඉදිරියේදී නැවත වරක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න