අන්තර්ගතයට යන්න
Lanka Newsweek

අප ගැන

"සත්‍යයේ අවධානය පිණිස" යන තේමාව යටතේ ගොඩනැගුණු ප්‍රජා ජනමාධ්‍යයක්.

ශ්‍රී ලාංකික ජන සමාජයේ තොරතුරු සාක්ෂරතාවය (Information literacy), ඩිජිටල් සහ ජනමාධ්‍ය සාක්ෂරතාවය (Digital and media literacy), බහු සංස්කෘතික සාක්ෂරතාවය (Multicultural literacy), ප්‍රජා සාක්ෂරතාවය (Civic literacy), දේශපාලන සාක්ෂරතාවය (Political literacy) සහ සමාජ සාක්ෂරතාවය (Social literacy) වර්ධනය වන අයුරින් දත්ත මාධ්‍යකරණයේ යෙදීම "lankanewsweek.com" හී පොදු අරමුණ වේ.

"සත්‍යයේ අවධානය පිණිස" යන තේමාව යටතේ ප්‍රජා ජනමාධ්‍යයක් වශයෙන් ගොඩනගා ඇති "lankanewsweek.com" අන්තර්ජාල වෙබ් අඩවිය සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන අතර, එහි දේශපාලන, සමාජ, සංස්කෘතික, ආගමික, කලා සහ නව ලෝක ප්‍රවණතා ඇතුළු සෑම විෂය ක්ෂේත්‍රයක්ම නියෝජනය වන අයුරින් ඉතා ආන්දෝලනාත්මක වූ හර බර, සම බර සහ රස බර ප්‍රවෘත්ති, ලිපි, තොරතුරු මෙන්ම සංවාද පළ කෙරේ.

ජනමාධ්‍ය කලාවේදී "lankanewsweek.com" ගුරු කොට ගන්නේ, පදනම් වී තිබෙන්නේ සහ අනුගමනය කරන්නේ මහාචාර්ය ෆිලිප් මයර් මහතා ලොවට හඳුන්වා දුන් යථාතථ්‍ය ජනමාධ්‍ය ක්‍රමවේදය (precision journalism) හෙවත් සම්පූර්ණයෙන්ම නිවැරදි වූ ද, ගුණාත්මක වූ ද, කරුණු සහිත වූ ද ජනමාධ්‍ය භාවිතයකි.

එම ක්‍රමවේදය නිර්මාණය වීමට බල පෑ ඓතිහාසික පසුබිම සහ එම දත්ත මාධ්‍ය ක්‍රමය විකාශනය වූ ආකාරය පිළිබඳව මහාචාර්ය ෆිලිප් මයර් මහතා 2012 ජූලි මස 31 වැනිදා අන්තර්ජාලය ඔස්සේ දැක්වූ අදහස් අප උපුටා ප්‍රචාරය කරනුයේ, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතිය ද ප්‍රජා සහ දත්ත මාධ්‍යකරණයට පදනම්ව ගොඩනැගීමට කෙරෙන අරගලයට රුකුලක් වශයෙනි.

"lankanewsweek" මෙහෙවර මහා නා හිමිවරු අගයති

"lankanewsweek" මෙහෙවර මහා නා හිමිවරු අගයති
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ස්ථවිරයන් වහන්සේගේ සුභාසිංසන ලිපිය (2019.06.19). විශාල කර බැලීමට ක්ලික් කරන්න.

කර්තෘ මණ්ඩලය

Sujith Mangala De Silva

Sujith Mangala De Silva

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ ප්‍රධාන කර්තෘ

  • Rumi Speelbergඉංග්‍රීසි කතුවරයා
  • S.S. Sujithදෙමළ කතුවරයා
  • D.S. De Soyzaමාධ්‍යවේදී
  • Jayakantha Liyanageමාධ්‍යවේදී
  • Hemantha Thushitha Kumaraමාධ්‍යවේදී
  • Sumudu Pereraමාධ්‍යවේදී
  • Upul Bandaraමාධ්‍යවේදී
  • Thushal Withanarachchiමාධ්‍යවේදී

අප අමතන්න

lankanewsweek.com
102/C/10, Muthulanda Watte,
Katiyala, Demanhandiya.

038 435 3290
071 611 6661
[email protected]