අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ඇමෙරිකාවෙන් සමු ගන්නට මොහොතකට පෙර නිම කළ සියයට දහයට බදු බැස්සීමේ MS මෙහෙයුම

ඇමෙරිකාවෙන් සමු ගන්නට මොහොතකට පෙර නිම කළ සියයට දහයට බදු බැස්සීමේ MS මෙහෙයුම

ජනපතිගේ සහාය සහ නිදහසේ ක්‍රියා කිරීමේ බලය තානාපතිට ලැබීම ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිකරණ තීන්දුවේ බලපෑම බලහත්කාර ශ්‍රමයෙන් නිපද වන භාණ්ඩ ප්‍රතික්ෂේප කරන ඇමෙරිකානු පිළිවෙතට එකග ශ්‍රී ලංකාවේ ගැසට්ටුව…

ජනපතිගේ සහාය සහ නිදහසේ ක්‍රියා කිරීමේ බලය තානාපතිට ලැබීම

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අධිකරණ තීන්දුවේ බලපෑම

බලහත්කාර ශ්‍රමයෙන් නිපද වන භාණ්ඩ ප්‍රතික්ෂේප කරන ඇමෙරිකානු පිළිවෙතට එකග ශ්‍රී ලංකාවේ ගැසට්ටුව

ඇමෙරිකාව සමග ගිවිසුමකින් තොරව බදු සහන ලැබීමේ වැදගත්කම

බදු ප්‍රතිශතය දිගටම රැක ගැනීමේ ශ්‍රී ලංකාවේ වගකීම

ඇමෙරිකාවෙන් සමු ගන්නට මොහොතකට පෙර නිම කළ සියයට දහයට බදු බැස්සීමේ MS මෙහෙයුම

(වොෂින්ටන් වෘකයා)

මහින්ද සමරසිංහ (MS) පිනට පහළවූ ජාත්‍යන්තරය විජයග්‍රහණය කළ ලාංකිකයෙකි. ඇමතිකම් 08 ක් හරහා ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම් හරහා මෙන්ම එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුවේ ප්‍රධානියා ලෙස ද ඔහු ලංකාවට මෙන්ම ලෝකයට ද ඉටුකළ මෙහෙය බොහෝය. 2022 දී ලංකාව ආර්ථික අර්බුදයෙන් අනාථවූ යුගයේ නොමිලේ රු කෝටි 1700 ක පොහොර ලබාදීමට ඔහු කළ මැදිහත්වීම රටේ ගින්දර නිවීමේ ආරම්භක අවස්ථාව විය. කාබනික මායාවෙන් කෘෂිකර්මය අනාථව ගොවියා මහ පාරේ කළ අරගලය නිමවූයේ මහින්ද ඇමෙරිකාවෙන් ලබාදුන් පොහොර දීමනාවෙන් බව බොහෝ දෙනා දන්නේ නැත.

ඹෟෂධ ගෙන්වීමේ ක්‍රමයක් නැතිව අසරණවූ රටට ඇමෙරිකානු ඉහළම ප්‍රමිතියේ රු කෝටි 2400 ක ඹෟෂධ ප්ලේන් පිටින් එව්වේ මහින්ද බව සමහරුන්ට මතක නැත. ගෑස් හිගය නිමකිරීමට ලෝක බැංකු සහාය ලබා ගැනීමේ දීද ඔහු කළ කාර්යභාරය සුළු පටු නැත. වොෂින්ටන් ලෝක බැංකු මුලස්ථානය තුළ එම මෙහෙයුම දියත් විය. IMF සහාය ලංකාවට ලබා ගැනීමේ ප්‍රධාන මැදිහත්කරු ද මහින්ද ය.

දැන්වීම

ලංකාවට ඇමෙරිකානු නැවක් ගුවන්යානා හා හෙලිකොප්ටර ලබාගැනීමේ දී කළ මැදිහත්වීම් ද සුළුපටු නොවේ. එහෙත් ට්‍රම්ප් පාළනය තුළ එතෙක් පැවැති තීරුබදු 00% සිට 44% දක්වා වැඩි කිරීම ලංකාවට ආර්ථික හෙණයක් විය. ලංකාවේ අපනයන වලින් ඩො බිලි 3.2 ක භාණ්ඩ යන රට ඇමෙරිකාව වීම හා එය ලංකාවේ අපනයනයෙන් 26% ක විශාලම පංගුවවීම ඊට හේතුවය.

එහිදී මහින්ද සමරසිංහ පළිහ අතට ගත්තේය. ජනපතිගේ  දැනුවත් බව තුළ මෙහෙයුමේ මුල් පුටුව ගත් මහින්ද ගේම ගසා බදු අවම කිරීමේ පසුබිම තැනුවේය. ටික කළකින් 44% ක බද්ද 20% දක්වා අඩු වුයේ ඔහුගේ අඛණ්ඩ මෙහෙයුම තුළය.
 මුලදී 44% ක් ව පැවැති බද්ධ 20% දක්වා අඩුවුවද ලංකාවට එය ද දරාගත හැකිවුයේ නැත. ජනපතිගේ එකගතාව මත බදු අඩුකිරීම සදහා ඇමෙරිකානු වෙළෙද නියෝජිත කාර්යාලය (USTR) සමඟ නිරන්තරව සංවාදයේ සිටි මහින්ද අවසානයේ තමා ඇමෙරිකාවෙන් සමුගන්නට දින කිහිපයක් තිබියදී එම බද්ද 10% ට අඩු කරගන්නට සමත්වූහ. 

ටුම්ප්ගේ අධික බදු වලට එරෙහි අධිකරණ තීන්දුවක් ද පැවති අතර ලංකාව ඇතුළු රටවල් 17 ක් 10% බදු වාසිය ලබාගත්තද ඇමෙරිකාව සමග ගිවිසුමකින් තොරව ලංකාව එය දිනාගැනීම විශෙෂත්වයකි. බලහත්කාර ශ්‍රමය තුළ නිපදවන භාණ්ඩ  නොගෙන්වීමේ ඇමෙරිකානු ප්‍රතිපත්තිය ද මෙහිදී දැඩිව සලකා බලන පසුබිමක මහින්දගේ දැනුවත් කිරීම තුළ ජනපති හා ආණ්ඩුව වහාම එම ගැසට්ටුව ගැසීම වැදගත් සංසිද්ධියකි.

බදු අඩුවීම මහින්ද සමරසිංහ ලැබූ ජයකට වඩා රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ විජයග්‍රහණයකි. ජනපති අනුර හා ආණ්ඩුවක් ලෙස මාළිමාව ලැබූ ආර්ථික අස්වැසිල්ලකි. රටේ ඉදිරි කටයුතු සදහා  අවම බදු මහත් රුකුලක් වුවද මෙම ප්‍රතිශතය අඛණ්ඩව රැකගැනීමේ වගකීම  ශ්‍රී ලංකාව සතුය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ඇමෙරිකාවෙන් සමු ගන්නට මොහොතකට පෙර නිම කළ සියයට දහයට බදු බැස්සීමේ MS මෙහෙයුම | Lanka Newsweek