ගෘහස්ථ ආර්ථිකය සියයට පනහ ඉක්මවා කඩා වැටිලා

නිවැසියන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙලා ජන මත සමීක්ෂණයකින් හෙළි වේ -විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියයි- (සුජිත් මංගල ද සිල්වා) 2025 ට සාපේක්ෂව 2026 දී එනම් මීට වර්ෂයකට පෙර රටේ පැවැති තත්ත්වය සමග සැසඳීමේදී…
නිවැසියන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙලා
ජන මත සමීක්ෂණයකින් හෙළි වේ
-විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියයි-
(සුජිත් මංගල ද සිල්වා)
2025 ට සාපේක්ෂව 2026 දී එනම් මීට වර්ෂයකට පෙර රටේ පැවැති තත්ත්වය සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ආර්ථික තත්ත්වය අතිශය නරක අතට හැරී ඇති බව ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති නවතම සහ විශේෂ ජන මත සමීක්ෂණයකින් අනාවරණ හෙළිදරව් වී තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදු කෙරුණු මෙම විශේෂ සහ නවතම ජන මත සමීක්ෂණයේ දී 51.4%ක නිවැසියන් ප්‍රමාණයක් පෙන්වා දී ඇත්තේ වසරකට පෙර පැවැති තත්ත්වය සමග සසඳා බැලීමේ දී ගෘහස්ත ආර්ථික තත්ත්වය අතිශය නරක අතට හැරී ජනතාවගේ ක්‍රය ශකිතිය අඩු වී ඇති බවය.
කෙසේ වෙතත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සිදු කෙරුණු මෙම ජන මත සමීක්ෂණයේ දී නිවැසියන්ගෙන් 18.2%ක ප්‍රමාණයක් පමණක් ගෘහස්ත ආර්ථික තත්ත්වය හොඳ අතට හැරී ඇති බවට පිළි ගෙන ඇති අතර, 30.3%ක ප්‍රමාණයක් පෙන්වා දී ඇත්තේ, ගෘහස්ත ආර්ථික තත්ත්වය පෙර තිබූ පරිදිම පවතින බවය.