අයවැය සංවර්ධන යෝජනා සංඛ්‍යා ලේඛනවලට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කළ යුතුයි
- විපක්ෂ නායක අවධාරණය කරයි -

අප රටේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්රය ප්‍රවර්ධනය කරන්න කාලෝචිත ප්‍රදර්ශනයක් ලෙස කැදැල්ල ප්‍රදර්ශනය හැදින්විය හැකි බවත් මේ වසරේ මේ සදහා එක්ව ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව අද වන විට අඩු වී ඇති බවත් රටේ ජනතාව අත මුදල් නොමැති වීම ආර්ථික සංකෝචනය එයට හේතු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
මේ ඉදිකිරීම් කර්මාන්තය දිරිගන්වන්න කළ යුතු දේවල් තවමත් කර නොමැති බවත් අයවැයක් ඉදිරිපත් කළත් දිය යුතු දිරිගැන්වීම සිදු කර නොමැති බවත් දළ දේශීය නිෂ්පාදනයට හොද ශක්තියක් ලබා දෙන රැකියා රැසක් උත්පාදනය කරන ඉදිකිරීම් කර්මාන්තය අද වන විට කඩා වැටි ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති කැදැල්ල ප්‍රදර්ශනය නැරඹීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ඉදිකිරීම් කර්මාන්තයට ලැබිය යුතු කාරක ප්රාග්ධනය නොමැති වීම, විනිවිදභාවයෙන් යුක්ත ටෙන්ඩර් ක්‍රමවේද අනුගමනය හා අයවැය තුළින් සංඛ්‍යා ලේඛන සහිත පොරොන්දු මාලා ඉදිරිපත් කළත් ඒවා මහ පොළොවේ යථාර්ථයක් නොවෙන බවත් මේ නිසා ජනතාවට ප්රතිලාභ නොලැබෙන නිසා අයවැයෙන් ඉදිකිරීම ගැන දුන් ඉලක්ක කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ඉලක්ක ලෙස පැහැදිලි කරමින් ජනතාව නොමග නොයවා යථාර්ථවාදී ලෙස මේ ඉදිකිරීම් කර්මාන්තය දිරිගන්වන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
දැන්වත් රජය කියූ දේවල් කරන්න කාලය හරි
මේ ඉදිකිරීම් කර්මාන්තය තුළින් නිවාස ඉදිකිරීමට අවශ්‍ය සියලු දේවල් ප්‍රදර්ශනය තුළින් ලබා ගත හැකි බවත් ඉදිකිරීම් කර්මාන්තය තුළින් ප්රාග්ධනය සවිබල ගන්වන ජන සමාජයක් නිර්මාණය වන බවත් දැන්වත් රජය කියපු දේ ඉටු කළ යුතු බවත් හදනවා කියු ගෙවල් පාලම් මාර්ග ආයතන ආදිය හැදිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අයවැය පොරොන්දු හරියට ඉටු කරන්න
අද වන විට ඉදිකිරීම් සිදු කළත් ගෙවීම් කරන්නේ නොමැති හා ප්‍රමාද වීම් සිදුවන බවත් විවිධ ඌනතා ආදිය සිදුවන බවත් නීතිමය පද්ධතියේ ශක්තිසම්පන්න භාවයක් නිර්මාණය විය යුතු බවත් අයවැය තුළින් දුන් පොරොන්දු ඉටු කළ යුතු බවත් රට ඉදිරියට යන්න නම් ආර්ථික වර්ධනය වැඩි විය යුතු බවත් ආර්ථික වර්ධනය සිදු වන්නේ නම් ජනතාවට අවශ්‍ය හොඳ ජන ජීවිතයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.