අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

IMF දෙවැනි වාරිකයත් ගොඩ

IMF දෙවැනි වාරිකයත් ගොඩ

විපක්ෂයේ බලාපොරොත්තු සුන්..! විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවැනි වාරිකය මුදා හැරීමට එම ආයතනය තීරණය කර තිබෙන බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ පළමු…

විපක්ෂයේ බලාපොරොත්තු සුන්..!

විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවැනි වාරිකය මුදා හැරීමට එම ආයතනය තීරණය කර තිබෙන බව නිවේදනය කර ඇත. 

ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ  එකඟතාවයකට පැමිණ මෙසේ මෙම දෙවැනි වාරිකය රට වෙනුවෙන් මුදා හැරීමට තීන්දු කර තිබේ.

සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසති. 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදා හැර ඇති සම්පූර්ණ මූල්‍යාධාරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 660ක් වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න