ASMP මල් වගාවෙන් උපයා ඇති විදේශ විනිමය කෝටි 38යි

විසිතුරු මල් වගා කරලා ගොඩ යන හැටි මෙන්න..! විසිතුරු මල් සහ පත්‍ර වගා කර්මාන්තයට කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය දායක වෙයි ලෝක බැංකුවේ තවත් ලොකු වැඩක් කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලුම…
විසිතුරු මල් වගා කරලා ගොඩ යන හැටි මෙන්න..!
විසිතුරු මල් සහ පත්‍ර වගා කර්මාන්තයට කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘතිය දායක වෙයි
ලෝක බැංකුවේ තවත් ලොකු වැඩක්

කැපූ මල්, පත්‍ර සහ විසිතුරු ශාක සඳහා ගෝලීය ඉල්ලුම ගෙවුණු දශකයේ දී අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, ලෝක ව්‍යාප්ත පරිභෝජනය සහ මල් වගා නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධත්වය වෙනුවෙන් වන පාරිභෝගික ඉල්ලුම ද ඉහළ ගිය නිසාවෙන් අවසානයේ නිෂ්පාදන සහ අපනයන ඉල්ලුම වැඩි විය.
මේ කර්මාන්තයට සම්බන්ධ වූ සාම්ප්‍රදායික නිෂ්පාදකයින් අතර ප්‍රමුඛ පෙළේ රටවල් වූයේ නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානයයි. ශ්‍රී ලංකාව අති විශාල උද්භිද ප්‍රභේදයකට නිවහනක් වන අතර පුළුල් පරාසයක විශේෂිත මල් පැල වර්ග රාශියකට නිජ බිම වේ. මේ හේතුන් නිසා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන සහ ඉහළ ආදායම් උත්පාදන කෘෂි ව්‍යාපාරයක් ලෙස විසිතුරු මල් සහ පැල වගාව සැලකිය හැකිය. විශේෂයෙන්ම කාන්තාවන් අතර ප්‍රචලිත මෙම කර්මාන්තය ඔවුනට ප්‍රධාන අදායම් උපයන මාර්ගයක් ලෙස පරිවර්තයන වෙමින් පවති.
දැන්වීම
අපනයනය සඳහා වන මල් සහ මල් පැල වර්ග වගාව කර්මාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1980/81 කාලයේ දී ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මල් වගාව කෘෂි ව්‍යාපාරයක් ලෙස සහ ප්‍රධාන පෙළේ අපනයනය සේම විදේශ විනිමය උපයන මාර්ගයක් වීමට තවමත් අපොහොසත් වී ඇත. ඊට හේතුව වන්නේ මේ කර්මාන්තය ගොවි පොකුරු සංවිධාන, වගාකරුවන්, විදේශීය ආයෝජකයින් සහ මල් වගා නිෂ්පාදන සමග ඍජුව ඒකාබද්ධ සම්බන්ධයක් නොමැති නිසා වන අතර ඒසේ සම්බන්ධ වී ඇත්තේ ඔවුන් අතරින් සීමිත පිරිසක්ය.
එපමණක් ද නොව, මල් වගා ව්‍යාපාර හසුරු වනු ලබන්නේ විශාල පරිමාණායේ අපනයනකරුවන් කිහිප දෙනෙකු සහ මධ්‍යම මට්ටමේ වගාකරුවන් කිහිප දෙනෙකු වන අතර ඔවුහූ මෙම ව්‍යාපාරයට කුඩා කර්මාන්තයකරුවන් ඇතුළු වීම සීමා කරමින් සිටිති.
නමුත්, ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට (2010) අනුව රටේ රැකියා විරහිත කාන්තාවන්ට ආදායම් උත්පාදන මාර්ගයක් ලෙස මල් වගා ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. වර්තමානයේ රටේ මල් කර්මාන්තය හෙක්ටයාර 500 දක්වා ආවරණය වී ඇති අතර බස්නාහිර පළාතේ ඉඩම් වැඩි ප්‍රමාණයක මිනිසුන් පදිංචිය සදහා වෙන් කර ඇති හෙයින් ශාක පත්‍ර සඳහා හෙක්ටයාර 472ක් ද, කරාබු නැටි වගාව සඳහා හෙක්ටයාර 10ක් ද, රෝස මල් වගාව හෙක්ටයාර 3ක් ද, ජර්බෙරා සඳහා හෙක්ටයාර 2ක් ද, ඇන්තූරියම් සඳහා හෙක්ටයාර් 10ක් ද, ඕකිඩ් මල් වගාව සඳහා හෙක්ටයාර 3ක් ද දැනට වෙන් කර ඇත. විසිතුරු මල් වගා කර්මාන්තයේ දැනට සේවක සේවිකාවන් 5,000 කට වැඩි පිරිසක් නියැලි සිටිති. (මූලාශ්‍රය-පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය)
එසේ වුවද, ශ්‍රී ලංකාවේ විවිධ දේශගුණික සහ භූගෝලීය කලාප නිවර්තන සහ සෞම්‍ය දේශගුණික තත්ත්වයන්ගෙන් වෙනස් වීම, පුහුණු ශ්‍රමිකයින් සහ රෝපණ මාධ්‍ය ලබා ගැනීමේ ඇති නොහැකියාව සේම කැපූ මල් සහ පත්‍ර නිෂ්පාදනවල ගුණාත්මකභාවය නිසා ශ්‍රී ලංකාව මෙම කර්මාන්තයේදී සංවර්ධිත රටවල් සමග කරට කර තරග කළ හැකි රටක් ලෙස කීර්තියක් උසුලයි. මේ හේතුන් නිසා මෙම කර්මාන්තයේ දියුණුව සඳහා කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) විසින් පොකුරු ව්‍යාපෘති ප්‍රවේශය සේම මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපෘති හරහා කර්මාන්තය දියුණු කිරීමේ වැදගත්කම හඳුනා ගෙන ඇත.
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක මෙම කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ මුලික අරමුණු වන්නේ, තාක්‍ෂණික දැනුම හුවමාරුව හරහා නිෂ්පාදනවල ගුණාත්මකභාවය සේම ප්‍රමිතීන් අපනයනයට සුදුසු මට්ටමකට නංවාලමින් දැනට පවතින මල් වගා කර්මාන්තය රට පුරා ව්‍යාප්ත කිරීමය.
ඊට සමගාමීව, මල් නිෂ්පාදන වර්ග සහ අගය එකතු කිරීම් ආකාරයෙන් විවිධාංගීකරණය කිරීම, එමගින් පවතින අපනයන ඉල්ලුම සපුරාලීම, රැකියා විරහිත ශ්‍රම බලකායට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම, තව දුරටත් තිරසාර වීමට මෙරට දේශීය ස්වයං රැකියාලාභී ගොවීන්ට මූල්‍යමය වශයෙන් සහාය වීම සහ මල් වගා කර්මාන්තයේ සැකසුම්කරුවන්, එකතුකරන්නන් සේම වගාකරුවන් ඇතුළු සෑම සංරචකයකටම ප්‍රතිලාභ සැලසෙන පරිදි මල් වගා කර්මාතයේ අගය දාමවල තිරසාර බව සහතික කිරීම ආදිය ද ප්‍රධාන අරමුණු අතර වේ.
පොකුරු ව්‍යාපෘති වැඩ සටහන
නිවර්තන කලාපයේ සිට සෞම්‍ය වෘක්ෂ ලතා දක්වා වූ මල් වගා නිෂ්පාදන සහිත ලොව හොඳම ගුණාත්මක මල් වගා නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පිළි ගැනේ. මේ නිසා ASMP පොකුරු ව්‍යාපෘති වැඩසටහන් හරහා මල් වගා කර්මාන්තයේ පරිමාව, ගුණාත්මකභාවය සේම විවිධාංගීකරණ වූ මල් නිෂ්පාදන ව්‍යාප්ත කිරීමට හැකියාවක් ලැබී තිබේ.
විශේෂයෙන්ම කාන්තා සවිබල ගැන්වීම ඔස්සේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම සඳහා දේශගුණයට ඔරොත්තු දෙන කෘෂිකර්මාන්තයක් බවට මල් සහ මල් පැල වගාව පත් කිරීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ආරක්ෂිත ගෘහ හරහා කෘෂිකර්මාන්තයේ තාක්‍ෂණය පරිවර්තනය කරමින් මල් වගා සංගම් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (ASMP) යටතේ ක්‍රියාත්මක වන පොකුරු ව්‍යාපෘතිවලට හැකියාවක් ලැබී ඇත.
මෙම ව්‍යාපෘති හරහා මල් සහ මල් පැල වගාකරුවන් වෙත මුල්‍ය ආධාර සැපයුම්කරුවන්, වගාකරුවන් , ප්‍රාථමික මල් සැකසුම් සහ අලෙවිකරණකරුවන් ලබා දී තිබේ. තවද කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියෙහි පටක රෝපණ පොකුරු ව්‍යාපෘති වැඩ සටහන හරහා ද මල් වගාකරුවන්ට ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය (ශාක) සැපයීමට කෘෂිකර්ම නවීකරණ ව්‍යාප්තියට හැකියාවක් ලැබිණ.
ප්‍රධාන වශයෙන් මෙම ව්‍යාපෘති වැඩ සටහන හරහා මෙම කර්මාන්තයට හදුන්වා දෙනු ලැබුවේ අරාක්ෂිත ගෘහ, දැල් නිවාස දේශගුණ පාලන උපකරණ සහ පූර්ණ ස්වයංක්‍රීය ඉසින වාරි පද්ධතියයි. විශේෂයෙන්ම "මීදුම් ඒකක" (Mist Unit) හඳුන්වාදීම හරහා ගොවීන්ට ඵලදායි ලෙස සහ ගුණාත්මක බවින් වැඩි දියුණු කරන ලද නමුත් ජලය ඉතාමත් සීමිත ආකාරයෙන් භාවිත වන මල් වගා කිරීමට මෙමගින් හැකියාවක් ලැබිණ.
සනීපාරක්ෂාව, ගුණාත්මකභාවය සහ ගබඩා අවශ්‍යතා සඳහා මූලික පහසුකම් සේම විසිතුරු මල්-පත්‍ර සේදීම, වර්ග කිරීම, ශ්‍රේණිගත කිරීම, අගය එකතු කිරීම සහ කැපූ මල් සේම පත්‍ර ඇසුරුම් කිරීම වැනි මූලික ප්‍රාථමික සැකසුම් කිරීමට ඉඩ සැලසෙන සැකසුම් මධ්‍යස්ථානයක් ද මෙම ව්‍යාපෘතිය හරහා දිවුලපිටියේ ඉදිකිරීමට පියවර ගැනිණ.
එක් ගොවියෙකු වෙනුවෙන් පොකුරු වැඩ සටහන යටතේ සමස්ත ව්‍යාපෘති ආයෝජනයෙන් 50%ක් දැල් නිවාස සහ ආරක්‍ෂිත ගෘහ ඉදිකිරිම සඳහ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් ලබා දෙනු ලැබිණ. මෙම ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවල මල් වගාකරුවන්-ගොවීන් එකසිය විසි දෙනෙකු වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇත.
මහා පරිමාණ ව්‍යාපෘතිය
මේ අතර ASMP ව්‍යාපෘතිය යටතේ ලස්සන ෆ්ලොරා පුද්ලගලික සමාගම, බුලුම්ස් ඇග්‍රී කල්චර් පුද්ගලික සමාගම සහ කුමාරි පැල තවාන යන මහා පරිමාණ විශාල ව්‍යාපෘති තුනට මුල්‍ය ආධාර ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රධානතම නිෂ්පාදන වන්නේ රෝස මල්, ක්‍රිසන්තමම්, ජර්බෙරාස්, කැපූ පත්‍ර සහ විසිතුරු පැල වර්ග වේ. ඔවුහූ දේශීය සේම අපනයන වෙළෙඳපොළේ ද සැලකිය යුතු කොටසකට හිමිකම් කියති.
වර්තමානයේ විසිතුරු මල් සැරසිලි සහ පත්‍ර ආශ්‍රිත අලංකාර නිර්මාණ සදහා විශාල ඉල්ලුමක් පවතී. ඒ වීශේෂයෙන් මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ආගමික උත්සව සහ දේශීය සේම විදේශීය උත්සව සදහා වන නිෂ්පාදන වෙනුවෙනි. මෙම ව්‍යාපෘතීන් හරහා කෘෂිකර්ම නිවිකරන ව්‍යාපෘතියට දේශීය වෙළදපොළට කැපී පෙනෙන කොටසක් සැපයීමට හැකියාව ලැබුණු අතරම අපනයනය ඉලක්ක කර ගත් මල් නිෂ්පාදන ද මේ හරහා ඉහළ නැංවීමට හැකියාවක් ලැබිණ.
අලුතින් නිෂ්පාදනය කරන ලද ඉහළ ඉල්ලුමක් ඇති ශාක සහ මල් ප්‍රභේද විදේශීය වෙළද පොළට හඳුන්වාදීම සහ දේශගුණ පාලන පද්ධති සහිත නවීන හරිතාගාරවල වගා කිරීම දේශීය වශයෙන් ආරම්භ කිරීම මේ වන විට සාර්ථකව සිදු කරනු ලැබ ඇත. තව ද මෙම විශාල ව්‍යාපෘති හරහා
ඒ අනුව කෘෂිකර්ම නවීකරන ව්‍යාපෘතියයේ මුල්‍ය අනුග්‍රහය සහ ඍජු දායකත්වය යටතේ ලැබුණු දායකත්වය හේතුවෙන් පොහොර සැපයුම් පද්ධති සහ ස්වයංක්‍රීයකරණ පද්ධති හරහා එම ව්‍යාපාර සාර්ථක ලෙස නව තාක්ෂණික නිෂ්පාදන ක්‍රියාවලින්වලට පරිවර්තනය වී ඇත.
තව ද මෙම ව්‍යාපෘතීන් හරහා රසායනික යෙදීම් අවම කරමින් නවීන උපකරණ භාවිතයෙන් පාංශු විෂබීජ හරණය කිරීම තවත් කැපී පෙනෙන තාක්ෂණික පරිවර්තනයක් වේ. ශීතාගාර පහසුකම් සහ හරිතාගාරවල ආලෝකය සඳහා සූර්ය බලය භාවිතා කිරීමෙන් වැසි ජලය රැස් කිරීම සහ කාබනික නිෂ්පාදන භාවිතය අඩු කිරීම හරහා පරිසර හිතකාමී නවෝත්පාදනයන් මෙම ව්‍යාපෘති මගින් ඇති විය.
අධි ශීතකරණ ට්‍රක් රථ, ශීතාගාර සහ සුදුසු නවීන ඇසුරුම් භාවිතය මගින් වගාකරුවන්ගේ සහ ගොවීන්ගේ සිට අවසාන ගමනාන්තය දක්වා පසු අස්වනු පාඩු අවම කිරීමට හැකියාවක් ලැබිණ. නෙදර්ලන්ත අභිජනනය කරන්නන්ගේ විශේෂඥභාවය යටතේ දේශීය වගාකරුවන් විසින් හොඳ තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය ප්‍රචාරණය කිරීම සහ කෘත්‍රිම ආලෝකකරණය මඟින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීමට හැකි වී ඇත. එමගින් නිෂ්පාදන පරිමාව දෙගුණ කිරීම සේම නිෂ්පාදනවල ගුණාත්මක භාවයද ඉහළ නැංවීමට හැකි විය.
මෙම ආයෝජනවල මුලික අවධානය වැඩි වශයෙන් යොමු වුයේ රටට විදේශ විනිමය උපද වන විදේශ වෙළඳපොළ සදහා නිෂ්පාදන සැපයීමයි. මෙම ව්‍යාපෘතීන් හරහා ඍජු රැකියා අවස්ථා 153 උත්පාදනය කිරීමටත් ඍජු ප්‍රතිලාභීන් 295 ක් ඇති කිරීමටත් වාර්ෂිකව රුපියල් මිලියන 3852 ක විදේශ විනිමයක් මේ රටට ගෙන ඒමටත් හැකියාව ලැබිණ.

