සෑම පවුලක්ම ලක්ෂ 47ක් ණයයි

ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 11ක් රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකාරයින් බවට පත්ව සිටින බව හෙළිදරව් වී තිබේ. මේ බව හෙළිදරව් වී තිබෙන්නේ, පේරාදෙණිය විශ්ව…
ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 11ක්
රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකාරයින් බවට පත්ව සිටින බව හෙළිදරව් වී තිබේ.
මේ බව හෙළිදරව් වී තිබෙන්නේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ අලුත්ම අධ්‍යයනයකදී වන අතර රජය ගත් අසීමිත ණය හේතුවෙන් මේ පිරිස මෙසේ ණයකාරයෝ වී සිටිති.
මේ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය ( 2023 අප්‍රේල් මාසය දක්වා ) රුපියල් එකොළොස් ලක්ෂ අසූ එක් දහසක් වන බව ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරු පෙන්වා දෙති.
එම ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වර්ෂයේදී පැවතියේ රුපියල් හය ලක්ෂ අනූ දහසක් ලෙස බව ද, මේ වර්ෂයේ ඒකපුද්ගල දේශීය ණය ප්‍රමාණය රුපියල් හය ලක්ෂ අනූ දහස් හැට හතරක් වී ඇති අතර මේ වසරේ ඒක පුද්ගල විදේශ ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අනූ දහස් නව සිය හැත්තෑ දෙකක් වී තිබෙන බව ද ඔවුහූ පෙන්වා දෙති.