අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

විදෙස් සංක්‍රාම මිලියන 2494කින් අඩු වෙලා

විදෙස් සංක්‍රාම මිලියන 2494කින් අඩු වෙලා

හේතුව COVID-19 වසංගතය නොවෙයි 2020 වර්ෂයට සාපේක්ෂව අට මසක දී විදෙස් සංක්‍රාම මිලියන 2494කින් අඩුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක…

හේතුව COVID-19 වසංගතය නොවෙයි  

2020 වර්ෂයට සාපේක්ෂව අට මසක දී විදෙස් සංක්‍රාම මිලියන 2494කින් අඩුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව හෙළිදරව් කර සිටියේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

"අපේ රටට එන ඩොලර්වලින් තනි ඒකකයක් හැටියට වැඩිම ප්‍රමාණයක් එන්නේ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙනුයි. බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලය වැනි ඒ රටවල් පද්ධතියේම විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණ ආදායම 2020 වසරට සාපේක්ෂව 2021දී වැඩිවී තිබෙනවා. 

දැන්වීම

හැබැයි අපේ රටේ ඒ ආදායම අඩු වෙලා තිබෙනවා. එසේ වුණේ Covid-1 වසංගත තත්ත්වය හේතු කොට ගෙන නොවෙයි. 2020 වසරේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස පහට සාපේක්ෂව 2021දී විදේශීය සංක්‍රාම අපට ලැබීම වැඩි වුණා. 

2020 ජනවාරි මාසයේ මිලියන 581යි. 2021 ජනවාරි මිලියන 675යි. ඒ කියන්නේ මිලියන 94කින් වැඩිවී වෙලා. 2020 පෙබරවාරි මාසයේ මිලියන 527යි. 2021 පෙබරවාරි මිලියන 580යි. වැඩිවීම මිලියන 33යි. 2020 මාර්තු මාසයේ මිලියන 492යි. 2021 මාර්තු මිලියන 612යි. මිලියන 120කින් වැඩි වෙලා. 2020 අප්‍රේල් මාසයේ මිලියන 375යි. 2021 මිලියන 519යි. මිලියන 144කින් වැඩිවී තිබෙනවා. 2020 මැයි මාසයේ මිලියන 432යි. 2021 මිලියන 460යි. මිලියන 28කින් වැඩි වෙලා. 

ආණ්ඩුව පවසන්නේ විදෙස්ගත රැකියාවන් සඳහා පිටත්ව යාම අඩු වීම මේ විදෙස් සංක්‍රාම නොලැබීමට හේතුව බවයි. සත්‍යය එම තත්ත්වය නොවෙයි. 2020ට සාපේක්ෂව බැලුව හොත් මුල් මාස පහ ඇතුළත විදෙස් සංක්‍රාම මිලියන 439කින් වැඩිවී තිබෙනවා. 

නමුත් ජුනි මාසයේ සිට සිදු වූයේ කුමක්ද..? ජුනි මාසයේ සිට මෙම තත්ත්වය වේගයෙන් කඩා වැටීමකට ලක්වී තිබෙනවා. 2020 ජුනි මාසයේදී ලැබුවේ මිලියන 573යි. 2021 ජුනි මාසයේදී 478යි. මිලියන 95කින් එනම් 16%කින් විදෙස සංක්‍රාම කඩා වැටීලා තිබෙනවා. 

මේ තත්ත්වය පිළිබඳ මම පාර්ලිමේන්තුවේදිත් ප්‍රකාශ කළා. ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියා. මේ සඳහා ඉක්මන් පිළියම් නොයෙදුව හොත් මේ කඩා වැටීම තවත් වර්ධනය විය හැකි බව අප තරයේ කියා සිටියා. ඒ වගේම ජුලි මාසය වන විට විදේශ සංක්‍රාම 35%කින් කඩා වැටීම සිදු වුණා. සැප්තැම්බරයේදී 49%කින් කඩා වැටුණා. ඔක්තෝබර් 50%කින් කඩා වැටුණා. දෙසැම්බර් 60%කින්. පසුගිය ජනවාරියේදී 62%කින් කඩා වැටුණා. 

ජනවාරියේ සිට මැයි මාසය දක්වා මිලියන 439ක් 2020ට සාපේක්ෂව වැඩි වෙන කොට ජුනි මාසයේ සිට දෙසැම්බර් දක්වා ඩොලර් මිලියන 2055ක් අඩු වුණා. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 02ක් මාස හතකදී අඩුවී තිබෙනවා. 2020ට සාපේක්ෂව විදෙස් සංක්‍රාම විශාල ලෙස අඩුවී තිබෙනවා. නමුත් සිදු විය යුතුව තිබුණේ 2020ට සාපේක්ෂව 2021දී මිලියන 500කින් වත් ඉදිරි මාස හතේදී වැඩිවීමක් සිදු වීමයි. 

2021 ජනවාරි මාසයේ අපට ලැබුණේ මිලියන 675යි. මේ වසරේ ජනවාරි මාසයේ දි මිලියන 259යි. ඒක මිලියන 482ක අඩුවීමක්. ඒ කියන්නේ 62%ක්. 2020ට සාපේක්ෂව මාස අට මසක දී විදෙස් සංක්‍රාම මිලියන 2494කින් ඒ කියන්නේ බිලියන 2.5කින් අඩුවී තිබෙනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න