රනිල්ට කෙළෙව්වොත් රටටත් කෙළ වන බව IMF නොකියා කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන අගයයි ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රගතිය ගැන ජාත්‍යන්තර අරමුදල අගය කර සිටියි. ශ්‍රී ලංකාව සම්බන්ධව…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය ගැන අගයයි
ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආර්ථික ප්‍රගතිය ගැන ජාත්‍යන්තර අරමුදල අගය කර සිටියි.
ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර අරමුදලේ විධායක මණ්ඩලයේ දෙවැනි සමාලෝචනයෙන් පසුව ඇමරිකාවේ වොෂින්ටන්හී පිහිටි එම අරමුදලේ මූලස්ථානයේ දී මාර්ග ගත ක්‍රම ඔස්සේ සිකුරාදා(14) උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ශ්‍රී ලංකාව පිළිබඳ IMF ජ්‍යෙෂ්ඨ නියෝජිත පීටර් බොයර් ඇතුළු කණ්ඩායම මේ බව අවධාරණය කළේය.
විදෙස් බැඳුම්කර ණය හිමියන් සමග පවතින එකඟතා අනුව අපේක්ෂිත සහ නිසි ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකාව පිළිබඳ IMF ජ්‍යෙෂ්ඨ නියෝජිත පීටර් බොයර් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සංක්‍රාන්ති තත්ත්වයක සිට ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායිකරණයක් වෙත යොමු වෙමින් සිටින මේ අවස්ථාවේ සියලු ක්‍රියාකාරකම් විධිමත්ව පවත්වා ගැනීමේ අවශ්‍යතාව මතු කළ පීටර් බොයර් මහතා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති වී තිබෙන බව ද සඳහන් කළේය.