මුදල් ඇමතිගේ ඉන්දීය සංචාරයේ ප්‍රති ලාභ මෙන්න..!

(01) ආහාර, ඖෂධ සහ සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමුඛතා පදනමින් ආනයනය කිරීම සඳහා වන ණය පහසුකමක් ලබා දෙන ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂක පැකේජයක්. (02) ඉන්දියාවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි…
(01) ආහාර, ඖෂධ සහ සෙසු අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රමුඛතා පදනමින් ආනයනය කිරීම සඳහා වන ණය පහසුකමක් ලබා දෙන ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂක පැකේජයක්.
(02) ඉන්දියාවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට සහ ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය කඩිනමින් ප්‍රතිසංස්කරණය සඳහා වන ණය පහසුකමක් ඇතුළත් බල ශක්ති ආරක්ෂණ පැකේජයක්.
(03) ශ්‍රී ලංකාවේ වත්මන් ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සඳහා වන මුදල් හුවමාරු පහසුකමක්. (Swap Facility)
දැන්වීම
(04) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සේම රැකියා අවස්ථා නිර්මාණය වන විවිධ අංශවල ඉන්දීය ආයෝජන සඳහා පහසුකම් සැපයීමේ වැඩ පිළිවෙළක්.
ඉහත ව්‍යාපෘතිවල අරමුණු, කඩිනමින් සහ දෙපාර්ශවය එකඟ වන කාල රාමුවක ඉටු කර ගනු ඇත. එම වැඩ කටයුතු කඩිනමින් සහ කාර්යක්ෂම ව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාම් සහ අමාත්‍ය එස් ජයශංකර් අතර ඍජු සන්නිවේදන පහසුකමක් ස්ථාපිත (Direct Line of Communication) කිරීමට ද දෙපාර්ශවය එකඟ විය.
