අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

මැයි මාසයේ දී ආර්ථිකය වර්ධනය වෙලා

මැයි මාසයේ දී ආර්ථිකය වර්ධනය වෙලා

2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් 2023 මැයි මාසයේදී වෙළෙඳ හිඟය 2022 වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ…

2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

සමස්ථ වෙළෙඳ හිඟය පහළ මට්ටමක පැවැති නමුත් 2023 මැයි මාසයේදී වෙළෙඳ හිඟය 2022 වසරේ එම මාසයට සාපෙක්ෂව ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ බාහිර අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2023 මැයි මාසයේ ඉහළ ගොස් තිබූ අතර සංචාරක ඉපැයීම් පහළ ගොස් තිබූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.

දැන්වීම

2023 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය සියයට අටෙන් කැපී පෙනෙන ලෙස අති ප්‍රමාණය වී ඇතැයි ද එහි සඳහන් වේ.

මේ අතර දළ විදේශ නිල සංචිත මට්ටම ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 දක්වා මැයි මාසයේ දි ඉහළ ගිය බව ද මහ බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න