ණය ගෙවීම සහ නිදහස් වෙළෙඳාම ආරම්භ වූ වහාම රුපියල යළි හාන්සියි

උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි කාල සීමාවේදී ශ්රී ලංකා රුපියලට ඉතාම දුෂ්කර කාලයක් උදා ඇති වනු ඇති බව "Bloomberg" පුවත් සේවය වාර්තා කරයි. ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් "Bloomberg" පුවත් සේවය…
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ඉදිරි කාල සීමාවේදී ශ්රී ලංකා රුපියලට ඉතාම දුෂ්කර කාලයක් උදා ඇති වනු ඇති බව "Bloomberg" පුවත් සේවය වාර්තා කරයි.
ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් "Bloomberg" පුවත් සේවය වාර්තා කරන්නේ, ශ්රී ලංකා රුපියල ලෝකයේ ක්රියාකාරී මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණිය ද ඉදිරියේ දී ආනයනය සීමා ලිහිල් කිරීම සහ ණය ගෙවීම ආරම්භ කිරීම සමඟ ඉතා දුෂ්කර කාලයකට මුහුණ දීමට සිදු වනු ඇති බවය.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් මේ වන විට ශක්තිමත් වී ඇති නමුත් වසර අවසානයේදී නැවතත් ඇමරිකානු ඩොලරයක් රුපියල් 350 අගයකට පැමිණෙනු ඇති බව ද "Bloomberg" පුවත් සේවය පුරෝකථනය කරයි.
සංචාරක පැමිණීම සහ බැඳුම්කර ගනුදෙනු ඉහළ යාම ශ්රී ලංකා රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව ද "Bloomberg" පුවත් සේවය වැඩි දුරටත් පෙන්වා දෙයි.