එක බඩුවකට - එක කඩයක්..?

(Janath perera) ලගදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා. කර්මාන්ත අමාත්‍යාංශය මගින් තමා මෙය සිදුකරන්නේ. අරමුණ විදියට පැහැදිලි වන්නේ දේශිය දුඹුරු…
(Janath perera)
ලගදි දවසක දුඹුරු සීනී විකිනීමට ඉතිහාසේ පළමු වරට රජයෙන් කඩයක් දාපු විත්තිය ඔයගොල්ලෝ දැක්කා. කර්මාන්ත අමාත්‍යාංශය මගින් තමා මෙය සිදුකරන්නේ. අරමුණ විදියට පැහැදිලි වන්නේ දේශිය දුඹුරු සීනි භාවිතය ප්‍රචලිත කිරීමටත් දේශීය උක් ගොවියා නගා සිටුවීමටත් අකාර්යක්ෂමභාවය නිසා වැසීමට යන රජයේ සීනි කර්මාන්තශාලා බේරාගැනීමත් තමයි.
මේ ආකාරයට එක බඩුවකට එක කඩයක් රජය විසින් දාගෙන යෑම පිළිබදව ආණ්ඩුවට හිතවත් බොහෝ දෙනෙක් හොද කියන අතර අනිත් අය එය දෝශාරෝපන හා විවේචන එල්ල කරනු ලබයි . මේවා රාජ්‍ය සම්පත් දේපල කියලා දිරාපු යකඩ හා වැසී වල් වැදුනු පැරණි කර්මාන්තශාලා දෙස බලාසිටන අතීතකාමීන්ට සමහර වෙලාවට ඒවා සමග අතීත මතක තියෙන්න පුළුවන් . නමුත් දැන් ඒවා අවසන්වී බොහෝ කාලයක් ගොසිනි AI තාක්ශණය ඔස්සෙ ලෝකය පිමි පනිමින් දුවද්දි අපි තාමත් අතීතකාමයක් අල්ලාගෙන සිටීම අනුවන කමකි. මීට වසර තිහ හතලියකට පෙර රජය මැදිහත් වී සීනි කර්මාන්ත ශාලා ආරම්භකොට මහජනයාට අවශ්‍ය සීනි නිශ්පාදනය කොට ලබා දීම ඉතා හොද දෙයකි මොකද ඒ දවස් වල ආනයනය හෝ රට තුළ නිශ්පාදනය කිරීමට පෞද්ගලික අංශයට හැකියාවක් නොවීය . නමුත් ලෝකය දැන් වෙනස්වී ඇත ඉතා අඩු මුදලකට ඇති තරම් සීනි ආනයනකරගැනීමේ හැකියාවක් දැන් වෙළදපලට ඇත. සමස්ථ සීනි අවශ්‍යතාවයෙන් 10% කටත් වඩා අඩු ප්‍රමානයක් නිශ්පාදනය කිරීමට 90% කොටසක් මත බදු පනවමින් මිල ඉහල තබාගෙන සිටී . එමෙන්ම එම බදු පැනවීම දේශිය ගොවියා ආරක්ෂාකිරීමට කරනවා කීවට අපිට මතකයි ඔය බදු එහා මෙහාට කරලා සීනි බදු වංචාව කරන්න ඉඩදුන්නා . අවසානේ ඒකෙ වාසිය ගොව්යට ගියෙත් නෑ පාරිභෝගිකයට ලැබුනෙත් නෑ .
2024 දත්ත වලට අනුව ලංකා සීනි සමාගම අනුබද්දිතව 5501 සේවකයන් සංඛ්‍යාවක් සිටින අතර උක් පරියේශණ ආයතනය අනුබද්දිතව 167. මෙම ආයතන නඩත්තුවටත් පඩි ගෙවීමටත් අනෙකුත් දීමනා ලබාදීමත් සිදු කරන්නේ අපේ බදු මුදලින් වන අතර එමගින් නිශ්පාදනය කරන සීනි නැවතත් වැඩි මිලදී ගැනීමට හා එම සීනි වෙළදාම් කර කඩ නඩත්තු කිරීමටත් පාරිභෝගිකයින් වන අපට සිදු වනු ඇත. 2026 අයවැය කථාවට අනුව EPF හා ETF නොගෙවු සමාගම් 10 යේ ලැයිස්තුවේ සීනි සමාගමත් ඇතුලත්ය . මෙය පෞද්ගලික අංශයේදී සිදුවුවහොත් එම ආයතන ප්‍රධානීන්ට නීතිය ක්‍රියාත්මක වුවත් අද වෙන තුරු මෙම සේවකයින්ට සාදාරනයක් සිදුවී නොමැත 2026 දී මෙම ගෙවීම් සිදුකිරීම රු බිලියන 5 බදු මුදලින් වැය කිරීමට සිදුවනු අතර ඉතිරි බිලියන 6 පසුව ගෙවීමට යෝජනා වී ඇත.
දැන්වීම
චෝදනා කලත් මෙවැනි ආයතන එකපාර වසා දැමීමට නොහැකි මෙම ආයතන වලින් තම ජීවිකාව සරිකරගන්නා සෘජුව හා වක්‍රව විශාල පිරිසක් සිටී . තවදුරටත් මෙවැනි ආයතන වලට සල්ලි පොම්පකිරීම පසෙකදමා මෙම ආයතන වල සිටින සේවකයන් වඩා කාර්යක්ශමව ආර්ථිකයට දායක විය හැකි ආකාරයට යොදවා ගත යුතුයි . එක බඩුවකට එක කඩයක් හන්දිගානේ දානවා වෙනුවට රටේ නිශ්පාදන ක්‍රියාවලිට පෞද්ගලික අංශයට පැමිනීම දිරිමත්කලයුතුයි අනවශ්‍ය නීති හා ක්‍රියාවලීන් සුමට කොට අවශ්‍ය යටතල පහසුකම් ලබාදිය යුතුය ගොවීන්ට ඉඩම් අයිතිය ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලගාකරගැනීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පහසු කලහොත් වගා බිමට තාක්ශණය කාර්යක්ශමතාව , හා ඵලදායීතාවය පැමිනෙනු ඇත. එමගින් වැඩි ඵලදාවක් හා ආදායම් ගොවියාටත් අඩු මිලට හොද භාණ්ඩයක් පාරිභෝගිකටත් ලැබෙනු ඇත. කඩ වලට ආයෝජනය කිරීම පසෙකලා කලයුතු ව්‍යුහාත්මක හා ප්‍රතිපත්තිමය වෙනස්කම් විශාල ප්‍රමාණයක් ඇත ඒවා දිගුකාලීන හා සාර්ව ආර්ථික වර්ධනයට උපාකාරී වනු ඇත.
ආණ්ඩුවේ යෝජිත ඩිජිටල්කරන ක්‍රියාවලියට තව තවත් සාර්ථක කරගැනීමට පෞද්ගලික අංශය පමණක් නොව අන්තර්ජාතික මෙන් බහුජාතික මට්ටමේ ඒකබද්ද වීමක් අවශ්‍යවේ . එමෙන්ම දත්ත වල ආරක්ශණය හා නියාමය පිළිබදවත් දත්ත හුවමාරුවට අදාල නීති හා ක්‍රියාවලීන්ට අදාල ප්‍රතිපාදන නැවත සෑදීම හෝ යාවත්කාලීන කිරීම වැඩි කාලයක් ශ්‍රමයක් ආයෝජනයක් හා බරක් තැබිය යුතුය. එය රට දැවැන්ත පියවරකින් ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරියට යෑමට උපකාරීවනු ඇත. එක බඩුවකට එක කඩයක් වැන්‍ර වියාපෘති වලට යොදන කාලය ශ්‍රමය හා මුදල් සැබෑ ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා යෙදවිය යුතුය 2028 වන විට නැවතත් අප ණය ගෙවීම ආරම්භ කලයුතුව ඇත. එයට අවශ්‍ය පදනම අප සකස්කරගතයුතුව ඇත රටක් ලෙස පුළුල් දැක්මක් හා ඉලක්කයන් තබා ගෙන වැඩකලයුතුය. ඒ ආකාරයට ක්‍රියාකහොත් පොහොසත් රටක් බිහිකොට සියළු පුරවැසියන්ට ලස්සන ජීවිතයන් ලබාදිය හැක.