අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඇමරිකානු-ඉරාන සාමය පවතින්නේ කඩදාසි මත නොවේ

ඇමරිකානු-ඉරාන සාමය පවතින්නේ කඩදාසි මත නොවේ

එකිනෙකා විනාශ කිරීමේ වියදම ඉතා වැඩි බව දෙපාර්ශවයමට දැනෙන තරමටය ඇමරිකා එක්සත් ජනපද සහ ඉරාන තාවකාලික සාම ගිවිසුම ඵල දරයි..? ඔව් — නමුත් “තාවකාලික සාම ගිවිසුම්” කියන්නේ බොහෝ විට සැබෑ සාමයට වඩා උණුසුම…

එකිනෙකා විනාශ කිරීමේ වියදම ඉතා වැඩි බව දෙපාර්ශවයමට දැනෙන තරමටය

ඇමරිකා එක්සත් ජනපද සහ ඉරාන තාවකාලික සාම ගිවිසුම ඵල දරයි..? ඔව් — නමුත් “තාවකාලික සාම ගිවිසුම්” කියන්නේ බොහෝ විට සැබෑ සාමයට වඩා උණුසුම පාලනය කරන අතරමැදි හුස්ම ගැනීමක් බව කිව යුතුය. ඇමරිකාව සහ ඉරානය අතර ඇති ගැටුම හුදෙක් හමුදාමය එකක් නොවේ. 

එම ගැටුම, බලය පිළිබඳ භූ-දේශපාලන සටනක්, තෙල් සහ වෙළඳ මාර්ග පාලනය, න්‍යෂ්ටික වැඩසටහන්, ආගමික-වාදමය බලපෑම්, සහ ඉරාන විප්ලවයෙන් පසු ගොඩනැගුණු අවිශ්වාසයක දිගුවක් බව කිව යුතුය. ඒ නිසා “ගිවිසුමක්” තිබුණත්, ගැටුමේ මූලික ශක්තිය නැති නොවේ.

නමුත් එවැනි තාවකාලික එකඟතා ඵල නොදරනවා යැයි කියන්නත් හැකියාවක් නොමැත. ඊට හැකි බොහෝ දේ තිබේ. සෘජු යුද්ධයක් වැළැක්වීම, තෙල් මිල සහ ලෝක ආර්ථික කම්පන අඩු කිරීම, මැද පෙරදිග ප්‍රොක්සි යුද්ධ යම් ප්‍රමාණයකට මන්දගාමී කිරීම,වගේම දෙපාර්ශවයටම “නැවත ගණනය කිරීමේ කාලයක්” ලබා දීම ඒ අතර වේ.

දැන්වීම

නමුත් මෙහි ගැඹුරු ප්‍රශ්නය වන්නේ, මේ ගිවිසුම අත්සන් කළේ දෙපාර්ශවයටම ඇත්තටම සාමය අවශ්‍ය නිසාද, නැති නම් තාවකාලිකව බලය සුරක්ෂිත කර ගැනීමටද යන්නය. බොහෝ විට ජාත්‍යන්තර දේශපාලනයේ “සාමය” කියන්නේ යුද්ධයේ විරුද්ධ පදය නොවේ. “පාලනය කළ උණුසුම” පමණකි.

ඒ නිසා මේ වගේ ගිවිසුමක්, කෙටි කාලීනව ඵල දැරිය හැකිය. නමුත් දිගු කාලීනව එම ගිවිසුම පවතින්නේ විශ්වාසය, ආර්ථික සහන, සහ බල සමාන්‍යතාවය මතයි. එක වාක්‍යයකින් කියනවා නම් ඇමරිකාව සහ ඉරානය අතර සාමය පවතින්නේ අත්සන් කළ කඩදාසියෙන් නොව, එකිනෙකා විනාශ කිරීමේ වියදම ඉතා වැඩි බව දෙපාර්ශවයම දැනෙන තරමටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න