අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

හැත්තෑ හය වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව WFUNA උප සභාපති ධූරයට තරඟ වදී

හැත්තෑ හය වසරක ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව WFUNA උප සභාපති ධූරයට තරඟ වදී

ජිනීවාහි ලෝක සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය එම්. එම්. එම්. රුෂානුදීන් තරඟ බිමට (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමය (UNA-Sri Lanka) වසර 76ක ඉතිහාසයේ පළමු වරට ලෝක…

ජිනීවාහි ලෝක සමුළුවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය එම්. එම්. එම්. රුෂානුදීන් තරඟ බිමට

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංගමය (UNA-Sri Lanka) වසර 76ක ඉතිහාසයේ පළමු වරට ලෝක එක්සත් ජාතීන්ගේ සංගම් සම්මේලනය (WFUNA) හි උප සභාපති ධූරය සඳහා ශ්‍රී ලාංකික අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව UNA-Sri Lanka මහ ලේකම් ආචාර්ය එම්. එම්. එම්. රුෂානුදීන් මහතා, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මූලස්ථානයේ පැවැත්වෙන WFUNA ලෝක සම්මේලනය සහ එහි 44 වැනි මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උප සභාපති ධූරයට තරඟ වදියි.

ජාත්‍යන්තර මූලාශ්‍ර කියා සිටින්නේ, මෙම තනතුර සඳහා ශ්‍රී ලංකාව, ඇමරිකා එක්සත් ජනපදය, පාකිස්තානය, ටැන්සානියාව, අයිස්ලන්තය, කොලොම්බියාව සහ සෝමාලියාව යන රටවල් තරඟ කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපේක්ෂකත්වය UNA-Sri Lanka විසින් යෝජනා කර ඇති අතර චීන මහ ජන ජන රජය විසින් ස්ථිර කර තිබෙන බවද සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න