අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ජීවන ප්‍රශ්න රැසකින් ඉන්දීය ජනයා අන්ත අසරණ වී සිටිති

ජීවන ප්‍රශ්න රැසකින් ඉන්දීය ජනයා අන්ත අසරණ වී සිටිති

රටේ ප්‍රශ්න රැසක් සඟවා ගෙන ඉන්දීය අගමැති ලෝකය අල්ලන්න යයි ජනතා විරෝධය උග්‍ර වේ - නරේන්ද්‍ර මෝධිගේ කාලය ඉවර ද..? (සුජිත් මංගල ද සිල්වා) තරුණ-තරුණියන් මුහුණ දෙන උග්‍ර විරැකියාව ඉන්දියාව සහ අගමැති…

රටේ ප්‍රශ්න රැසක් සඟවා ගෙන ඉන්දීය අගමැති ලෝකය අල්ලන්න යයි 

ජනතා විරෝධය උග්‍ර වේ - නරේන්ද්‍ර මෝධිගේ කාලය ඉවර ද..?

(සුජිත් මංගල ද සිල්වා)

තරුණ-තරුණියන් මුහුණ දෙන උග්‍ර විරැකියාව ඉන්දියාව සහ අගමැති නරේන්ද්‍ර මෝධි අද මුහුණ ප්‍රබලම සහ ප්‍රධානතම ප්‍රශ්නය බවට පත්ව ඇති අතර මේ හේතුවෙන් ඉන්දීය තරුණ පරපුර කුපිත වී සිටිති.

මෙම උග්‍ර විරැකියා ප්‍රශ්නය අධ්‍යාපන පිරිවැය සහ දැඩි වායු දූෂණය සමඟ දැඩිව සම්බන්ධ වී ඇති අතර ඉන්දියාවේ දැවැන්ත තරුණ ජන ගහනයක් සිටියද, බොහෝ උපාධිධාරීන්ට නවීන රැකියා සඳහා අවශ්‍ය නිශ්චිත කුසලතා නොතිබීම විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත.

සෑම වසරකම දස ලක්ෂ සංඛ්‍යාත තරුණ-තරුණියන් පිරිසක් උපාධි සමඟ ශ්‍රම බලකායට ඇතුළු වන නමුත් ඉන්දීය පාසල්වල ප්‍රායෝගික රැකියා කුසලතා උගන්වන්නේ නැති නිසා ඉහළ රැකියා විරහිත අනුපාතයක් එරට වර්ධනය වෙමින් තිබෙන අතර රැකියා හිඟය සහ කුසලතා හිඩැස ප්‍රධාන ආර්ථික සහ සමාජීය අභියෝගයක් බවට පත්ව තිබේ.

දැන්වීම

ඉන්දියාවේ ප්‍රධාන නගරවල, විශේෂයෙන් උතුරු ප්‍රදේශවල, මහ ජන සෞඛ්‍යයට තර්ජනයක් වන භයානක මට්ටමේ වායු සහ ජල දූෂණය ඇතුළු විශාල පාරිසරික අර්බුදයක් මේ වන විට නිර්මාණය වී තිබෙන අතර එමගින් එරට ජනතාව විශාල ලෙස පීඩා විඳිති.

ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවලට තවමත් උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා, විශේෂඥ සේවා සහ විශ්වාසදායක යටිතල පහසුකම් ඇතුළු පොදු සේවා නොමැති තත්ත්වය හමුවේ ඉන්දීය ජනතාව අන්ත අසරණ වී සිටින අතර ඊට එරෙහිව තරුණ තරුණියන් ඇතුළුව පොදු ජනතාව හිස ඔසවමින් සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න