ඉන්දීය කැරපොතු කැරැල්ල ශ්‍රී ලංකාවටත්

කැරපොතු පක්ෂයේ ශාඛාවක් මෙරට ඇති කිරීම කෙරෙහි සාකච්ඡා..! නරේන්ද්‍ර මෝධි කපෝතියි..? (සුජිත් මංගල ද සිල්වා) උග්‍ර විරැකියාව, අධ්‍යාපන පිරිවැය අධික වීම, දූෂණ-වංචා සහ අක්‍රමිකතා සේම දැඩි වායු-ජල දූෂණය…
කැරපොතු පක්ෂයේ ශාඛාවක් මෙරට ඇති කිරීම කෙරෙහි සාකච්ඡා..!
නරේන්ද්‍ර මෝධි කපෝතියි..?
(සුජිත් මංගල ද සිල්වා)
උග්‍ර විරැකියාව, අධ්‍යාපන පිරිවැය අධික වීම, දූෂණ-වංචා සහ අක්‍රමිකතා සේම දැඩි වායු-ජල දූෂණය ඇතුළු ජීවන ප්‍රශ්න රැසකට එරෙහිව ඉන්දියාවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති එරට තරුණ තරුණියන්ගේ "කැරපොතු" දේශපාලන පක්ෂයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ද ආරම්භ කිරීම කෙරෙහි ඉන්දීය "GEN-Z" තරුණ ප්‍රජාවේ අවධානය යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් "කැරපොතු" දේශපාලන පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ දේශපාලන සාකච්ඡා ගණනාවක් සිදුව තිබෙන අතර මෙම දේශපාලන ව්‍යාපාරය ඉදිරියටම ගෙන යාම සඳහා සහය ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයින් කිහිප දෙනෙකු ඔවුන් මේ වන විටත් තෝරා ගෙන ඇතැයි දේශපාලන බුද්ධි තොරතුරු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම නියෝජිතයින් සමග කැරපොතු දේශපාලන පක්ෂයේ ප්‍රධානීන් ඉදිරියේදී සාකච්ඡා කරනු ඇති අතර මේ සම්බන්ධ වැඩිදුර සාකච්ඡා කිරීම සහ සැලසුම් සකස් කිරීම සඳහා එම පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනකු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ද සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම "GEN-Z" තරුණ ප්‍රජාවේ නැගිටීම සහ ව්‍යාප්තිය, ඉන්දීය රජයට-අගමැති නරේන්ද්‍ර මෝධි මහතාට සහ භාරතීය ජනතා පක්ෂයට විශාල දේශපාලන අභියෝගයක් සහ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව ජාත්‍යන්තර සහ ඉන්දීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.