අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

සිඩ්නි නගරය තුන්වන සතියටත් අගුලු වැටේ

සිඩ්නි නගරය තුන්වන සතියටත් අගුලු වැටේ

(හේමන්ත තුසිත කුමාර) ඕස්ට්‍රේලියානු ජනයා විශාල වශයෙන් COVID-19 ට රෝගයට එරෙහිව එන්නත්කරණය නොකර ඇති හෙයින් සිඩ්නි හි සති දෙකක අගුලු දැමීම තවත් සතියක් දක්වා දීර්ඝ කර ඇති බව බලධාරීහු බදාදා(07) ප්‍රකාශ…

(හේමන්ත තුසිත කුමාර) 

ඕස්ට්‍රේලියානු ජනයා විශාල වශයෙන් COVID-19 ට රෝගයට එරෙහිව එන්නත්කරණය නොකර ඇති හෙයින්  සිඩ්නි හි සති දෙකක අගුලු දැමීම තවත් සතියක් දක්වා දීර්ඝ කර ඇති බව බලධාරීහු බදාදා(07) ප්‍රකාශ කළහ.

“අප දැන් සිටින තත්වය ඇති වීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ අපට අවශ්‍ය එන්නත් ලබා ගැනීමට නොහැකි වී ඇති නිසා” යැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හැසාඩ් පැවසීය.

සෞඛ්‍ය උපදෙස් මත සංචරණ සීමා ජූලි 16 දක්වා කාලය දීර්ඝ කිරීමට තීරණය කළ බව නිව් සවුත් වේල්ස්හි ප්‍රධානීතුමිය ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.

බදාදා(07) වන විට නවතම පැය 24 ක කාලය තුළ ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදන 27 ක් වාර්තා වී ඇති බව නිලධාරීහු පවසති. ඕස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් 9% ක් පමණක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන ඇති අතර මේ හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය පාලනයෙන් තොරව වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සිඩ්නි නගරය තුන්වන සතියටත් අගුලු වැටේ | Lanka Newsweek