අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යළි ඇවිළෙයි

සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යළි ඇවිළෙයි

එමිරේට්ස් තෙල් ගබඩාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Fujairah නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ඉරානයෙන්…

එමිරේට්ස් තෙල් ගබඩාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්


අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Fujairah නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තෙල් ගබඩා පර්යන්තය ඉලක්ක කරමින් ඉරානයෙන් මිසයිල 15ක් සහ ඩ්‍රෝන 4ක් එල්ල වූ අතර, එරට ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් මිසයිල සහ ඩ්‍රෝන කිහිපයක් ගුවනේදීම විනාශ කළ බවත එමිරේට්ස් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 

තෙල් ගබඩාවට එල්ල වී ඇත්තේ ඒ අතරින් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් බව ද වාර්තා වේ. එමිරේට්ස් රාජ්‍යයේ නැඟෙනහිර කලාපයේ මේ මුහුදුබඩ නගරයේ තෙල් ගබඩාවට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ විශාල ගින්නක් හට ගෙන ඇති අතර, එහි සේවය කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු තුවාල ලබා ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එමිරේට්ස් මාධ්‍ය සඳහන් කර ඇත. 

මේ අතර ඉරාන රජයේ රූපවාහිනි නාළිකාව එරට හමුදා නිලධාරියකු උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ, Fujairah තෙල් ගබඩා පර්යන්තයට ඉරානය පහර නොදුන් බවය. එමිරේට්ස් රාජ්‍යයේ තෙල් ගබඩාවක් ඉලක්ක කර ගැනීමට ඉරානයට කිසිදු සැලසුමක් නොමැති බව ද එරට රූපවාහිනි නාළිකාව වැඩි දුරටත් සඳහන් කර තිබේ. එසේ වුවත් තෙල් ගබඩාවට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරානය දෙසින් පැමිණි බව එමිරේට්ස් රාජ්‍යයේ නිලධාරීන් තහවුරු කර ඇත. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සටන් විරාමයෙන් මසකට පසු මැද පෙරදිග යළි ඇවිළෙයි | Lanka Newsweek