අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව තහවුරු කෙරේ

පීටරිස් උස්බට්ස්

(සංජනා සිල්වා)

දැන්වීම

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සංවර්ධන සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ තිරසර ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබේ.

යුරෝපා කොමිසමේ ජාත්‍යන්තර හවුල්කාරිත්ව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ ආසියා, මධ්‍යම ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්‍යක්ෂ පීටරිස් උස්ටබ්ස් මහතා සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර මෙම හමුව බදාදා (14) වන දින කොළඹදී පැවැත්විණි.

2025 නොවැම්බර් මාසයේදී ඉන්දු-පැසිෆික් සහයෝගීතාව පිළිබඳ සිව්වැනි අමාත්‍ය මණ්ඩලීය සංසදයට සමගාමීව බ්‍රසල්ස්හිදී පැවති හමුවේ ඉදිරි පියවරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.

යුරෝපා සංගමයේ ගෝලීය ද්වාර (Global Gateway) වැඩසටහන යටතේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සහ වරාය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතා සමඟ අනාගත හවුල්කාරිත්වයන් ගළපා ගනිමින් තිරසර ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙපාර්ශ්වය අතර ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳව ද අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික වර්ධනයට සහ තිරසර සංවර්ධනයට දායක වන සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වයේම උනන්දුව මෙම සාකච්ඡාවෙන් යළි තහවුරු වී ඇත.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට යුරෝපා සංගමය සමඟ සහයෝගීතාව තහවුරු කෙරේ | Lanka Newsweek