අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

මාළිමා මන්ත්‍රීවරු ද එල්.ටී.ටී.ඊ මහා විරුවන් සමරති

අනුර කුමාර දිසානායක

උතුරේ චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේදී එල්ටීටීඊ සාමාජිකයන් සැමරීමේ උත්සවයට එක් වෙති

2026 නොවැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මාසික සභා රැස්වීමට පෙර, චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරුන ද සෙසු සභිකයන් සමඟ එක්ව මිය ගිය දෙමළ සටන්කාමීන් සිහිපත් කරමින් ඔවුන්ට උපහාර දැක්වූහ.

දැන්වීම

වාර්තා වන පරිදි, ප්‍රාදේශීය සභාවේ සභාපති පොන්නයියා කුගදාසන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වා තිබේ. සටන්කාමීන් ලෙස කටයුතු කරමින් සිටියදී සිය සහෝදර සහෝදරියන් දෙදෙනකු අහිමි වූ සභිකාවක වන කලායිවානි නිරන්තන් විසින් සැමරුම් පහන දල්වනු ලැබීය.

ඉන් අනතුරුව නියෝජ්‍ය සභාපතිවරයා ඇතුළු සභිකයෝ මිය ගිය සටන්කාමීන්ට සිය ගෞරවය පුද කළහ. ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු ද ඒ අතර වූහ. මිය ගිය පිරිස සිහිපත් කරමින් විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවක් පවත්වා ගැනීමෙන් අනතුරුව සභා රැස්වීම ආරම්භ විය.

‘මාවීරර්’ යන දෙමළ වචනයේ අර්ථය ‘මහා වීරයෝ’ යන්නයි. දෙමළ විමුක්ති අරගලයේදී මිය ගිය සටන්කාමීන් හැඳින්වීම සඳහා දෙමළ ජනතාව මෙම නාමය භාවිත කරති. සෑම වසරකම නොවැම්බර් 27 වැනිදාට යෙදෙන ‘මාවීරර් නාල්’ හෙවත් ‘මහා වීර දිනයේදී’ ඔවුහු එම සටන්කාමීන් සිහිපත් කරති.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මාළිමා මන්ත්‍රීවරු ද එල්.ටී.ටී.ඊ මහා විරුවන් සමරති | Lanka Newsweek