අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියා බලය ගෙන රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙන යනවා

විපක්ෂ නායක චෝදනා කරයි

සජිත් ප්‍රේමදාස

වර්තමානයේ අප රටේ අධිකරණය, නීතිය හා සාමය මෙන්ම යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය පිළිබඳව විවිධ සාකච්ඡා රැසක් සිදුවන බවත් රජයක් ලෙස අප රටේ අධිකරණයේ ස්වාධිනත්වය පළුදු කරන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උනන්දුවෙන් ඉක්මනින් ක්‍රියාත්මක කරමින් ගෙන ආ බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට අධ්‍යාපන අයිතිය සෞඛ්‍ය අයිතිය ආගමික අයිතිය සංස්කෘතික අයිතිය හා සංවර්ධනයේ මෙන්ම සුබසාධනයේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත් කරන බව පැවසූ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් බවත් 6 වැනි පරිච්ඡේදයේ සුබසාධන අයිතිය ගැන සඳහන් නමුත් ඒවා අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

වත්මන් රජය මැතිවරණ සමයේ කම්කරු අයිතිය පොඩි මිනිසාගේ අයිතිය සාමාන්‍ය ජනතාවගේ අයිතිය ආර්ථික සමාජීය සංස්කෘතික හා ආගමික අයිතිය පවා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ගෙන එන බව පැවසුවත් දැන් එයට උනන්දු නොවී 22 වැනි සංශෝධනය වැනි අධිකරණයේ ස්වාධීනත්වට බලපෑම් කරන සංශෝධන නම් අධිවේගයෙන් ගෙන ආ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ගෙනාවේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්නටද විනාශ කරන්නටද..?

පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන ප්‍රතිපත්ති මාලාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්නට ද? පටු කරන්නටද කියා ප්‍රශ්නයක් ඇති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන රාජ්‍ය පාලන වැඩපිළිවෙළ තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් ජනාධිපති ක්‍රමය වෙනුවට වෙනත් ක්‍රමවේදයක් ගෙන එන බවත් අතරින්පතර සංශෝධන ගෙන එන්නේ නැතිව සාර්ව ආකාරයේ පුළුල් සංශෝධනයක් ගෙන එන බව පැවසුවත් රජය ගෙන ආවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ නොහැකියාව වසා ගන්න මර්දනකාරී පනත් ගෙනවිත් ජනතාව පාලනය කරන්න උත්සාහ කරනවා

මේ වන විට රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත පවා ගෙන එන්න කටයුතු කරන බවත් රටට ජාතික ආරක්ෂක පනතක් සංවිධානාත්මක අපරාධ වළක්වන පනත් අවශ්‍ය නමුත් මේ පනත් 2 තුළ රජය ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන ජනතා අයිතිය සංකෝචනය කරන මිනිස් අයිතිය පාවා දෙන ප්‍රජාතන්ත්‍රවාදය කුණු බක්කියට දාන වගන්ති ගණනාවක් ගෙනවිත් ඇති බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ගෙන එනවා යැයි කියූ පොරොන්දු ඉටු කර ගැනීම නොහැකි නිසා ජනතාවගෙන් එල්ල වන පීඩනය නැති කර ගන්න මර්දනකාරී පනත් ගෙන එන බවත් ජනතාවගේ භාෂණයේ ප්‍රකාශනයේ සහ අදහස් පළ කිරීමේ අයිතිය දේශපාලනය කිරීමේ අයිතිය අහිමි කරන රජයේ නොහැකියාව වසා ගන්න පනත් ගෙනවිත් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් නොව ආණ්ඩුව ජනතාවගෙන් ආරක්ෂා කර ගැනීමේ පනතක් ගෙන එන බවත් සංවිධානාත්මක අපරාධ පනත යනුවෙන් බොරු කියා ජනතාව රවටා සංවිධානාත්මකව පැලවත්තේ සිට කියන බොරු වසා ගන්න තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කර ඒකාධිපති ආඥාදායක පාලනයක් ගෙන එන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පළාත් සභා පවත්වන්න බයයි

රජය පොරොන්දු වූ පළාත් සභා මැතිවරණය අදටත් පවත්වන්නේ නැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළාත් පාලන හා පළාත් සභා පවත්වනවා කිව්වත් පළාත් පාලන මැතිවරණය පවත්වා ලක්ෂ 23ක් ඡන්ද අඩු වූ පසු පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැතිව කල්මරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය කියන තරම් ජනතා ආකර්ෂණය තිබේ නම් පළාත් සභා මැතිවරණය නොපවත් වන්නේ ඇයි..?

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට තැන දී දුන් පොරොන්දු ඉටු කිරීම කළ යුතු බවත් රජය ජනප්‍රිය නම් අයවැය ගැන ජනතා ආකර්ෂණයක් ඇත්නම් පළාත්සභා මැතිවරණය යන ලිට්මස් පරීක්ෂණය කරන ලෙස ඉල්ලා සිටින බවත් එවිට මහමැතිවරණයේ ලැබුණු සුවිශේෂ ජනවරමට වුණ දේ ගැන ගණනය කර ගත හැකි බවත් අයවැය අවසන් වූ පසු වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත් බොරු කාරක සභා දමා කල්මරන්නේ නැතිව පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රජයෙට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

22 ගෙනවිත් ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම විනාශ කළා

විපක්ෂයේ සිටින විට ප්‍රගතිශීලී ජනතාවාදී ජනහිතකාමී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් රැසක් ඉදිරිපත් කරමින් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ආර්ථික සමාජීය සංස්කෘතික ආගමික අයිතිවාසිකම් ගෙන එන බව පැවසුවත් 22 වැනි සංශෝධනය ගෙනවිත් අධිකරණයේ ස්වාධිනත්වය විනාශ කළ බවත් විධායකය යන කුළුණ ශක්තිමත් කරමින් අනික් කුළුණු විනාශ කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ

විධායකයේ බලතල සීමා කරන වැඩි කරන පනත් රැසක් පසුගිය කාලයේ ගෙන ආ අවස්ථාවේ එදා සිට හරිතැන සිටිය බවත් සෑම විටම විධායකයේ බලතල අඩු කරන්න එදා සිට ඡන්දය දුන් බවත් එවැනි දෙබිඩි දේශපාලනයක් තමා ළග නැති බවත් දැන්වත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු ජනතා සේවා පොරොන්දු ක්‍රියාත්මක කරන ලෙසත් ලක්ෂ 12ට විට්ස් කාර් එකක්, 33%කින් විදුලි බිල අඩු කිරීමක්, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත්

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියා බලය ගෙන රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙන යනවා | Lanka Newsweek