වසංගතයේ නව ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ පැතිර යයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) අධික ලෙස බෝවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිස එසවීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙන අතර නව ප්‍රභේදයට අයත් රෝගීන් 128 දෙනෙක් දක්වා වර්ධනය වී තිබේ. උතුරු…
(හේමන්ත තුසිත කුමාර)
අධික ලෙස බෝවන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර හිස එසවීමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙන අතර නව ප්‍රභේදයට අයත් රෝගීන් 128 දෙනෙක් දක්වා වර්ධනය වී තිබේ.
උතුරු ප්‍රදේශය, ක්වීන්ස්ලන්තය සහ බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රදේශවලද ආසාදිතයින් සුළු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
මාස ගණනාවකට පසු රටේ විවිධ ප්‍රදේශවල එකවර රෝගීන් ඇති වූ පළමු අවස්ථාව මෙයයි.
ඒ හේතුවෙන් හදිසි රැස්වීමක් සඳහා රාජ්‍ය හා ප්‍රාදේශීය නායකයින් අද (2021 ජුනි 28) අගමැති ස්කොට් මොරිසන් හමුවනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1