අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ලිංගික අපරාධ වැඩි වෙලා-පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

ලිංගික අපරාධ වැඩි වෙලා-පාකිස්තානයේ හදිසි තත්ත්වයක්

(ශානිකා ශිරෝමාලි) පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. මාධ්‍ය හමුවක් පවත්වමින්,…

(ශානිකා ශිරෝමාලි)

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි.

මාධ්‍ය හමුවක් පවත්වමින්, පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය. කාන්තාවන් සහ කුඩා දැරියන්ට එරෙහිව ලිංගික අපරාධ ඉහවහා යෑම බරපතල සමාජීය ගැටලුවක් යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.

‘‘දිනපතා පන්ජාප ප්‍රාන්තයෙන් ස්ත්‍රී දූෂණ පහක් හෝ හයක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම කළ යුතුයි. නීති දැඩි කළ යුතුයි. ලිංගික හිරිහැරවලට කිසිදු ඉඩක් ලබාදෙිය යුතු නැහැ.’’ යැයි පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

(එන්.ඩී.ටීවී.)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න