අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රුසියාව ඩොලර් සහ යුරෝ තහනම් කරයි

රුසියාව ඩොලර් සහ යුරෝ තහනම් කරයි

ඇමරිකාවේ නව සම්බාධකවලට විරෝධය චීනයේ යුවාන්වලට මාරු වෙයි ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා ඇති නව ආර්ථික සම්බාධකවලට විරෝධය පළ කරමින් සිය රට අභ්‍යන්තරයේ ඩොලර් සහ යුරෝ භාවිතා කරමින් වෙළඳාම් සිදු…

ඇමරිකාවේ නව සම්බාධකවලට විරෝධය 

චීනයේ යුවාන්වලට මාරු වෙයි 

ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට එරෙහිව පනවා ඇති නව ආර්ථික සම්බාධකවලට විරෝධය පළ කරමින් සිය රට අභ්‍යන්තරයේ ඩොලර් සහ යුරෝ භාවිතා කරමින් වෙළඳාම් සිදු කිරීම රුසියාව වහාම තහනම් කර ඇත. 

ඒ අනුව, රුසියාවේ මොස්කව් හී පිහිටි එරට කොටස් වෙළඳ පොළ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ, රුසියාවේ මොස්කව් විනිමය සමූහයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය සීමාකාරී ක්‍රියාමාර්ග හඳුන්වාදීම හේතුවෙන් විදේශ විනිමය ගනුදෙනු, ලෝහ වෙළඳාම, කොටස් සහ බැඳුම්කර සඳහා ඩොලර් සහ යුරෝ මුදල් ඒකක භාවිතා නොකළ යුතු බවයි.

ඒ අනුව රුසියාව සිය වාණිජ කටයුතු සඳහා චීනයේ යුවාන් භාවිතා කිරීමට නියමිතව සිටින අතර රුසියාවේ මොස්කව් සහ චීනයේ බීජිං අතර පවතින සමීප වෙළඳ සහ දේශපාලන සබඳතා හේතුවෙන් 2024 මැයි මාසයේදී පමණක් වෙළඳාම් කළ සියලුම විදේශ මුදල්වලින් 53.6% යුවාන් වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න