අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රුසියාව ගෑස් සැපයුම තවදුරටත් සීමා කරයි

රුසියාව ගෑස් සැපයුම තවදුරටත් සීමා කරයි

(හේෂාන් සම්පත්) යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබේ. නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් වේ. රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්‍රොම් ආයතනය පවසන්නේ, නෝර්ඩ්…

 (හේෂාන් සම්පත්) 

යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබේ.  නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් වේ.  

රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්‍රොම් ආයතනය පවසන්නේ,  නෝර්ඩ් ස්ට්‍රීම් වන් නල පද්ධතියේ ගෑස් ධාරිතාව තවත් සියයට 20 කින් අඩු කිරීම‌ට සිදුවන බවයි.  ඒ අනුව යුරෝපයට සාමාන්‍යයෙන් යැවෙන ගෑස් ප්‍රමාණය සියයට 50 කින් අඩු වන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

රුසියාවේ මෙම තීරණය හේතුවෙන් ඉදිරි ශීත කාලගුණයට අවශ්‍ය ගෑස් ගබඩා කර ගැනීමට යුරෝපා රටවලට අසීරු වනු ඇත.  

දැන්වීම

මේ මස මුල් දිනවලදී ද මෙම නල පද්ධතිය වාර්ෂික නඩත්තු කටයුත්තක් සඳහා දින 10ක් සම්පූර්ණයෙන්ම වසා තැබුණි. රුසියාවේ සිට ජර්මනිය දක්වා දිව යන මෙම නෝර්ඩ් ස්ට්‍රීම් වන් නල පද්ධතිය යුරෝපයට ගෑස් සපයන ප්‍රධානතම මාර්ග වලින් එකකි. 

යුරෝපයේ ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 40 ක් සපයන්නේ රුසියාවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න