අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැතිධුරය අබියස.

රිෂී සුනාක් බ්‍රිතාන්‍ය අගමැතිධුරය අබියස.

බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් එරට මීළඟ අගමැතිවරයා ලෙස පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනතා විශ්වාසය රැක ගැනීමට සහ එරට ආර්ථික අර්බුදය මැඬ…

බ්‍රිතාන්‍යයේ මුදල් ඇමැති ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනාක් එරට මීළඟ අගමැතිවරයා ලෙස පත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජනතා විශ්වාසය රැක ගැනීමට සහ එරට ආර්ථික අර්බුදය මැඬ පැවැත්වීමට අසමත් වීම හේතුවෙන් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි අප්‍රසාදයට ලක් වූ හිටපු අගමැති බොරිස් ජොන්සන් පසුගියදා තනතුරෙන් ඉවත් වූ අතර, කොන්සර්වේටිව් පක්ෂයට නව නායකයකු සහ බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයකු තෝරා පත් කරගැනීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර රහස් ඡන්දයක් මේ වන විට පැවැත්වෙමින් තිබේ.

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් වන පුද්ගලයාට එරට අගමැතිධුරය හිමිවන අතර, වට කිහිපයකින් යුතුව පැවැත්වෙන ඡන්ද විමසීමේ නවතම වාර්තාවට අනුව රිෂී සුනාක් ඉදිරියෙන් සිටී. ඔහු සමග වෙළෙඳ ඇමැතිනි පෙනී මර්ඩෝන්ට්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙමී බෙඩ්නොක් සහ තවත් මන්ත්‍රීවරයකු වන ටොම් ටුගෙන්ඩට් නායකත්වයට තරග වදිති

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න