අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රජය සිවුරට කළ මේ නිග්‍රහය සමස්ත සම්බුද්ධ ශාසනයට කළ නිග්‍රහයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සජිත්

(සංජනා ද සිල්වා)

දැන්වීම

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී ආරක්ෂා කර ප්‍රවර්ධනය කර මුල් තැන ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද වගකීමක් සහ යුතුකමක් වන බවත් ඊට අමතරව සෙසු ආගම් සංස්කෘතීන් ජන කොට්ඨාස පිළිගන්නා විශ්වාස කරන ආගම දහම රැකගෙන ආරක්ෂා කළ යුතු බවත් ඒ නිසා රණසිංහ ප්‍රේමදාස මහතා විසින් බුද්ධශාසන අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කිරීමත් සෙසු ආගම් හා ජාතීන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපිත කිරීමත් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම ආගම් හා ජන කොට්ඨාස අතර සහෝදරත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම අතිශය වැදගත් නමුත් අප රටේ සමහර අයට එය නොතේරෙන බවත් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී සෙසු ජාතීන් ආගම් හා ජන කොට්ඨාස අතර සහෝදරත්වය සහ සංහිඳියාව ඇති නොකළෙහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඒකීයත්වය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීම, දේශපාලන නිදහස ආදිය සුරැකෙන්නේ නැති බවත් මෙහි වැදගත්කම සමහර අයට නොතේරෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බදාදා (14) වන දින කොළඹ 14, ශ්‍රී ඉසිපතනාරමය විහාරස්ථානයේ දී අමරපුර ගණපාමොක්ඛාචරිය, අරියවංසාලංකාර, මහොපාධ්‍යය, පණ්ඩිත, අමරපුර මහා නිකායේ මහනායක ස්ථිවිර ආචාර්ය අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් හමුවූ අවස්ථාවේදී ය.

රජය සිවුරට කළ මේ නිග්‍රහය සමස්ත සම්බුද්ධ ශාසනයට කළ නිග්‍රහයක් බවත් රජය මේ සිදු කර ඇත්තේ බහුතරයක් ජන කොට්ඨාසය විශ්වාස කරන ආගමේ සංකේතයක් වන චීවරයට අගෞරව කිරීම බවත් රජය සිදු කළේ රෙගුලාසි, නීතිරීති හා තාක්ෂණික කරුණු පමණක් සලකා කටයුතු කිරීම වුවත් රජය සංවේදීභාවය සහ නම්‍යශීලීභාවය ගැන නොසිතූ බවත් සියලුම ආගම් හා ආගමික නායකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මීට වඩා සංවේදී විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය කළ යුත්තේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු ගැලවීම නොවේ. බුදුදහම ප්‍රවර්ධනය කිරීමයි

තමා කිසිදු විටෙක අධිකරණයේ තීන්දු තීරණ අභියෝගයට ලක් නොකරන බවත් රජය චීවරයට අත තැබීම වැරදි දෙයක් බවත් මේ ගැන තීන්දු තීරණ ගන්න කමිටු දාන්න කල් ගැනීම සිදු නොකළ යුතු බවත් රජය කළ යුත්තේ ස්වාමීන් වහන්සේලාගේ සිවුරු ගැලවීම නොව බුදුදහම ප්‍රවර්ධනය කිරීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ස්වාමීන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීම මහනායක ස්වාමීන් වහන්සේලාටවත් කරන්න බැහැ - අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන්

මෙහි දී අදහස් දැක්වූ අතිපූජ්‍ය මාදම්පාගම අස්සජී තිස්ස මහනායක හිමියන් කියා සිටියේ ස්වාමීන් වහන්සේ නමකගේ චීවරය ඉවත් කිරීමට මහනායක ස්වාමීන්වහන්සේ නමකට තනිවම කළ නොහැකි දෙයක් බවත් මහනායක ස්වාමීන්වහන්සේගේ අභිමතය පරිදි කාරක සංඝ සභාව රැස් කර කරුණු කාරණා විමසා කාරක සංඝ සභාවෙන් ගන්නා තීරණ මත මේ භික්ෂූත්වය අහෝසි කළ හැකි බවත්ය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රජය සිවුරට කළ මේ නිග්‍රහය සමස්ත සම්බුද්ධ ශාසනයට කළ නිග්‍රහයක් | Lanka Newsweek