මෝදිට අපහාස කළාට රාහුල්ට සිර දඬුවමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය බ්‍රහස්පතින්දා…
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය බ්‍රහස්පතින්දා (23) නියම කර තිබේ.
කෙසේ වෙතත් රාහුල් ගාන්ධිගේ දඬුවම දවස් 30 කට අත්හිටුවමින් සුරාට් අධිකරණය ඇප ලබා දී තිබෙන අතර ඔහුට අභියාචනා කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දඬුවම දවස් 30 ක කාලයකට අත්හිටුවා ඇත.
"හොරුන් සියලු දෙනාට පොදුවේ මෝදි නාමය තිබෙන්නේ කෙසේදැයි" රාහුල් ගාන්ධි නැගූ ප්රශ්නය හේතුවෙන් 2019 වසරේදී ගුජරාත් අමාත්‍ය පුර්නේෂ් මෝදි විසින් මෙම සාපරාධි අපහාස නඩුව ගොනු කරනු ලැබ තිබිණ.