අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

මුළු දකුණු ආසියාවම ප්‍රබල අනතුරක..!

මුළු දකුණු ආසියාවම ප්‍රබල අනතුරක..!

වසංගත විශේෂඥයෝ අනතුරු අඟවති සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් නොතකා ආගමික විශවාස මත ජනයා ඒකරාශීවීම හේතුවයි (රසල් සී.පී.බණ්ඩාරවත්ත) ලෝක ජන ගහණයෙන් පහෙන් එකක් ජීවත් වෙන දකුණු ආසියාව මීළඟ COVID-19 හෙවත් මාරාන්තික නව…

වසංගත විශේෂඥයෝ අනතුරු අඟවති 

සෞඛ්‍ය-වෛද්‍ය උපදෙස් නොතකා ආගමික විශවාස මත ජනයා ඒකරාශීවීම හේතුවයි  

මුළු දකුණු ආසියාවම ප්‍රබල අනතුරක..!

(රසල් සී.පී.බණ්ඩාරවත්ත) 

ලෝක ජන ගහණයෙන් පහෙන් එකක් ජීවත් වෙන දකුණු ආසියාව මීළඟ COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා බෝම්බය පිපිරී යන ස්ථානය වනු ඇති බවට වසංගත රෝග විශේෂඥයන් අනතුරු අඟවයි.ඊට ප්‍රධානතම හේතුව වන්නේ  කොතෙක් බාධා මැද වුව ද දැඩි ආගමික විශ්වාසයන් මත ජනතාව එක් රොක් වීමයි. 

දකුණු ආසියාවේ අති විශාල ජනතාවක් වසන මුස්ලිම් රාජ්‍යයන් දෙකක් වන පකිස්ථානයේ සහ බංග්ලාදේශයේ සිකුරාදා (03) දේව මෙහෙයන් පවත් වන ආකාරය පිළිබඳව දැනුම්වත් කර ඇත. පකිස්ථානයේ කරච්චි නගරයේ සිකුරාදා (03) දේව මෙහෙයට පෙර පැය තුනක කාලයක් සඳහා ඇඳිරි නීතිය පවා පනවා ඇත්තේ පල්ලිවලට ඇදී එන ජනතාව වැළක්වීමේ අරමුණිනි. 

ඉන්දියාවේ මහ ජන සෞඛ්‍ය පරික්ෂාවට පැමිණෙන නිළධාරින්ට පහර දෙන සිදුවීම් වාර්තාවේ. එමෙන්ම ඉන්දීය හිංදු ආගමික මතධාරීන් සහ පූජකයින් වෛරසය මැඩලීමට යැයි කියා පවත්වන දේව මෙහෙයන් හේතුවෙන් තත්ත්වය තවත් බරපතළ අතට පත්වී ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් පරික්ෂාවට ලක් කිරීමට මහ ජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ට ඉඩ ලබා නුදුන් පුවතක්ද වාර්තා විය. 

එමෙන්ම යම් ආසාදිත අයෙකුගේ අවසන් කටයුතු පවා මේ අවස්ථාවේ තීන්දු කිරීම වෛරස් පිළිබඳ විශේෂඥ දැණුමක් සහිත බලධාරින්ට පැවරිය යුතු අතර දේශපාළුවන් එම කටයුතුවලින් බැහැරව කටයුතු කළ යුතුය. මෙම අසීරුම මොහොතේ ලෝකයේ අඩුම සෞඛ්‍ය පහසුකම් ඇති කලාපය සේම ජන ගහණය එක කැටියකට ජීවත් වන කලාපයේ වෛරසය ඇවිළීයාම කිසිවෙකුට නිවිය නොහැකි ඛේදජනක ඉරණමකට මුහුණ දීමට සිදු වනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න