අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

මියන්මාර්-තායිලන්ත භූකම්පනයයෙන් 43ක් අතුරුදන්

මියන්මාර්-තායිලන්ත භූකම්පනයයෙන් 43ක් අතුරුදන්

මහල් 30ක ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. චීනයට සහ තායිලන්තයට ද…

මහල් 30ක ගොඩනැගිල්ලක් බිමට සමතලා වෙයි 

මියන්මාරයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. චීනයට සහ තායිලන්තයට ද භූකම්පනයේ ප්‍රබලත්වය දැනුණු අතර, බැංකොක්හි ගොඩනැගිලිවලින් ඉවත් වූ පුද්ගලයින් වීදිවල රැස්වී සිටින ආකාරය දැක්වෙන දර්ශන සමාජ මාධ්‍යවල පළ විය.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය බුරුමයේ සගෙයිං නගරයේ සිට කිලෝමීටර් 16ක් වයඹ දෙසින් වූ මණ්ඩලායි නගරය ආසන්නයේ පිහිටා ඇත. මෙය නේපිඩාව් සිට කිලෝමීටර් 100ක් පමණ උතුරින් පිහිටි ප්‍රදේශයකි. නේපිඩාව්හි AFP මාධ්‍යවේදීන් පැවසුවේ, භූකම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් මාර්ගවලට පවා හානි සිදුව ඇති බව සහ ගොඩනැගිලිවල සිවිලිම් පවා කඩා වැටී ඇති බව ය.

ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 43 දෙනෙක් අතුරුදන්

මියන්මාරයේ සිදුවූ භූමිකම්පාවෙන් බැංකොක්හි නිම නොකළ මහල් 30ක ගොඩනැගිල්ලක් කඩා වැටී ඉදිකිරීම් කම්කරුවන් හතළිස් තුන් දෙනෙකු අතුරුදහන් වී ඇති බව තායි බලධාරීහු පවසති. චතුචක් උද්‍යානය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් පනස් දෙනෙකු සිට තිබේ. ඉන් හත් දෙනෙකු දිවි ගලවා ගත් අතර තවත් 43 දෙනෙකු තවමත් සිරවී සිටින බව ජාතික හදිසි වෛද්‍ය ආයතනය ෆේස්බුක් සටහනක සඳහන් කර තිබේ. පොලිසිය උපුටා දක්වමින් AFP ප්‍රවෘත්ති ඒජන්සිය ද වාර්තා කළේ පුද්ගලයින් 43 දෙනෙකු අතුරුදන් වී ඇති බව ය.

දැන්වීම

"මම මෙතන පරීක්ෂා කරන්න ආවට පස්සේ, මට උදව් කරන්න කියලා මිනිස්සු උදව් ඉල්ලලා කෑ ගහනවා මට ඇහුණා," බැං සූ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස් ප්‍රධානී වෝරාපත් සුක්තායි AFP වෙත පැවසීය. මෙම ගොඩනැගිල්ල රජයේ කාර්යාල කිහිපයක් වෙනුවෙන් ඉදි කරමින් සිට තිබේ.

බීබීසී මාධ්‍යවේදිනියකගේ අත්දැකීම

බැංකොක්හි වෙසෙන බීබීසී මාධ්‍යවේදිනියක වන බුයි තු, බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පැවසුවේ පළමු භූමිකම්පාව සිදුවන විට ඇය නිවසේ ආහාර පිසිමින් සිටි බව ය. "මම ගොඩක් බය වුණා," ඇය පැවසීය. "ඒ මොකක් ද කියලා මට තේරුණේ නැහැ, මොක ද බැංකොක්වල අවුරුදු දහයකටවත් මේ වගේ ප්‍රබල භූමිකම්පාවක් සිදු වෙලා නෑ මම හිතන්නේ."

"මම හිටිය අපාර්ට්මන්ට් එකේ බිත්ති ඉරිතලලා තිබුණා. මිනිස්සු කෑ ගහමින් හිටියේ." පසුකම්පනයකින් පසු, ඇය තවත් බොහෝ දෙනෙකු සමග පාරට දිව ගියා ය. "මොක ද වෙන්නේ කියලා තේරුම් ගන්න අමාරු වුණා," ඇය පවසයි."බැංකොක්වල ගොඩනැගිලි භූමිකම්පාවලට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරලා නැහැ. ඒ නිසයි ගොඩනැගිලි ගොඩකට හානි වුණේ."

මියන්මාරයෙන් තොරතුරු ලබා ගැනීම දුෂ්කර ඇයි..?

2021දී සිදු වූ කුමන්ත්‍රණයකින් පසු මියන්මාරය හමුදා ජුන්ටාවක් විසින් පාලනය කරනු ලබන අතර, එම නිසා තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී තිබේ. එරට ගුවන්විදුලි, රූපවාහිනී, මුද්‍රිත සහ මාර්ගගත මාධ්‍ය සියල්ල ම පාහේ පාලනය කරනු ලබන්නේ රජය විසිනි. ඉන්ටර්නෙට් භාවිතය ද සීමා කර තිබේ. බිම් මට්ටමේ තොරතුරු සපයන ආයතන වෙත සම්බන්ධ වීමට බීබීසීයට නොහැකි වී ඇති බැවින් සන්නිවේදන මාර්ග ද බිඳ වැටී ඇති බව පෙනේ.

-BBC-

සිංහල 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න