බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දමයි

(නිලන්ති චන්ද්‍රසේන) ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ. සිය පාරිභෝගිකයන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත…
(නිලන්ති චන්ද්‍රසේන)
ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ.
සිය පාරිභෝගිකයන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත අයුතු ලෙස එක්රැස් කිරීම කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට එල්ලවන ප්‍රභලතම චෝදනාවයි.මෙම සමාගම ජනපති ට්‍රම්ප් දිනවීමට ද සිය ගිණුම් හිමියන් මිලියන 87 කගේ පමණ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බව ෆේස්බුක් සමාගම පවසයි.
දැන්වීම
මේ හේතුවෙන් ෆේස්බුක් සමාගම පිළිබඳ පැවති විශ්වාසය කඩවීම හේතුවෙන් එහි කොටස්වල අගය ද විශාල ලෙස පහත වැටුණි.
කෙසේ වෙතත්, මෙම සමාගම වසා දැමුණ ද ඊට එරෙහි විමර්ශන කටයුතු අඛණ්ඩව පැවැත්වෙනු ඇතැයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කරයි.