අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

පෙට්‍රල් - ආහාර මිල ඉහළ දැමීමට එරෙහි ඉක්වදෝරයේ උද්ඝෝෂණ නරක අතට

පෙට්‍රල් - ආහාර මිල ඉහළ දැමීමට එරෙහි ඉක්වදෝරයේ උද්ඝෝෂණ නරක අතට

විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවට රජය එකඟතාව (හේෂාන් සම්පත්) ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසී ජනතාව පසුගිය දා ආරම්භ කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන් පැනවූ හදිසි නීතිය නැවත ඉවත්…

විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවට රජය එකඟතාව

(හේෂාන් සම්පත්) 

ඉන්ධන හා ආහාර මිල ඉහළ නැංවීමට එරෙහිව ඉක්වදෝරයේ ස්වදේශික ආදිවාසී ජනතාව පසුගිය දා ආරම්භ කළ දැවැන්ත විරෝධතාව හේතුවෙන් පැනවූ හදිසි නීතිය නැවත ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. පෙට්‍රල් මිල අඩු කරන ලෙසත්, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා මිල පාලනයක් පනවන ලෙසත් ඉල්ලා කළ මේ උද්ඝෝෂණයේදී සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී තිබිණි.

ස්වදේශීක ආදිවාසින් සමඟ එරට විවිධ වෘත්තිකයන් ද පාසල් සිසුන් හා කම්කරුවන් ද එක් වීම නිසා ඉක්වදෝරයේ තත්ත්වය වඩාත් අයහපත් අතට හැරී තිබිණි. උද්ඝෝෂකයන් මහා මාර්ග වසා දමමින් හා රජයේ දේපළ ගිනි තබමින් ප්‍රචණ්ඩත්වය කරා යොමු වී සිටි අතර, පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් කිසිදු බලපෑමක් සිදු වී නැත.

තවදුරටත් රට අරාජික වීමට ඉඩ නොතබමින් ඉක්වදෝර රජය ආදිවාසී විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කිරීමට එකඟතාව පළ කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න