පියාගේ රාජාභිෂේකය හැරීට-මේගන්ට තහනම් වෙයි

2023 වර්ෂයේ මැයි මස හය වැනිදා පැවැත් වෙන තුන් වැනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ…
2023 වර්ෂයේ මැයි මස හය වැනිදා පැවැත් වෙන තුන් වැනි චාල්ස් රජතුමාගේ රාජාභිෂේක උත්සවයට සහභාගී නොවන ලෙස හැරී කුමරු සහ මේගන් මාකෙල්ගෙන් බ්‍රිතාන්‍යයේ ප්‍රබල දේශපාලනඥයන්, ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ ඉතිහාසඥයන් ඉල්ලීමක් කර ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර ඇත.
හැරී කුමරු සහ මේගන් මාකෙල් පිළිබඳ පැවති සමීක්ෂණයකදී එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ රාජකීය පදවි නාමයන් ඔවුන්ගෙන් ඉවත් කළ යුතු යැයි විශ්වාස කරන බවත් ඔවුන් රාජාභිෂේකයට සහභාගී වීම තහනම් කළ යුතු බවත් එසේම හැරී කුමරු තව දුරටත් බ්‍රිතාන්‍යයේ රජකම ලබා ගැනීම සඳහා අනුප්‍රාප්තිකයෙකු ලෙස සැලකීම නොකළ යුතු බවටත් එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 42%ක ප්‍රතිශතයක් විශ්වාස කරන බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා දී තිබේ.
හැරී කුමරු සහ මේගන් මාකෙල් රාජාභිෂේකයට සහභාගී වුවහොත් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය හැකි යැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය සඳහන් කර ඇත.
පසුගිය දා නෙට්ෆ්ලික්ස් අන්තර්ජාල සේවාවේ ආරම්භ වූ හැරී කුමරු සහ මේගන් මාකෙල්ගේ වාර්තාමය වැඩසටහන මොවුන්ට මෙලෙස දැඩි විරෝධයක් එල්ල වීමට ප්‍රධාන හේතුවක් වී ඇත.