පැය 24ට ඉන්දියාවෙන් කොවිඩ් මරණ 47ක්

නව ආසාදිත පිරිස විසිදහසකට වැඩියි අවසන් විසිහතර පැය ඇතුළත ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 20,279ක් වාර්තා වූ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම කාලය තුළ එරටින් මරණ 47ක් ද වාර්තා වී ඇත. පසුගිය දින කිහිපය…
නව ආසාදිත පිරිස විසිදහසකට වැඩියි
අවසන් විසිහතර පැය ඇතුළත ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 20,279ක් වාර්තා වූ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම කාලය තුළ එරටින් මරණ 47ක් ද වාර්තා වී ඇත.
පසුගිය දින කිහිපය ඇතුළත හිස ඔසවමින් තිබෙන නව කොවිඩ් ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක ජන ජීවිත නැවත උඩුයටිකුරු කරමින් තිබෙන බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව මේ වන විට ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි හතරහමාර ඉක්මවයි. දැනට ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ එකහමාරකට ආසන්නය. සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා ඇත.