අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ප්‍රංශ නව අගමැතිට විරෝධය

ප්‍රංශ නව අගමැතිට විරෝධය

ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරතවන අතර, ප්‍රංශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය පළකරමින් මෙම…

 ප්‍රංශයේ නව අග්‍රාමාත්‍යවරයාට විරෝධය පළකරමින් දහස් ගණනක පිරිසක් විරෝධතාවල නිරතවන අතර, ප්‍රංශ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මධ්‍ය දක්ෂිණාංශික දේශපාලනඥයෙකු වන මිචෙල් බාර්නියර් පත් කිරීමට විරෝධය පළකරමින් මෙම විරෝධතා සංවිධාන කර ඇත.

එම විරෝධතා සඳහා ප්‍රංශය පුරා ලක්ෂයකට අධික පිරිසක් සහභාගීවී සිටි බවයි බී.බී.සී පුවත් සේවය සඳහන් කරන්නේ.ප්‍රංශයේ වාමාංශික කණ්ඩායමක් වන නව ජනතා පෙරමුණ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් පසුබිමක මෙම පත්කිරීමට විරෝධය පළ කිරීම සිදුවේ.

ඔවුන් ඉදිරිපත් කළ අගමැති අපේක්ෂකයා ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි දෙපාර්ශ්වය අතර මත ගැටුම් ආරම්භ වුයේ. විරෝධතා සඳහා ප්‍රංශයේ නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් හා වෘත්තීය සමිති රැසක් එක්ව සිටී.කෙසේ වුවද වාමාංශික පක්ෂ ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමඟ එක්ව රජයක් පිහිටුවීමට තමා සූදානම් බව නව අග්‍රාමාත්‍ය මිචෙල් බාර්නියර් පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න