අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

පන්ජාබයේ ගිනිකෙළි කම්හලක් පිපිරී 23ක් මරුට..!

පන්ජාබයේ ගිනිකෙළි කම්හලක් පිපිරී 23ක් මරුට..!

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 14දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවදිල්ලියේ සී.එන්.එන්. වාර්තාකරු…

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 14දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව නවදිල්ලියේ සී.එන්.එන්. වාර්තාකරු පවසනවා.

පිපිරීමත් සමඟ ගඩොල්වලින් තනා තිබූ කර්මාන්තශාලා ගොඩනැගිල්ල ගිනිගෙන ඇති අතර පසුව එය කඩාවැටී තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාව නිසි බලපත්‍රයක් නොමැතිව වසර ගණනාවක් පැවැති නීති විරෝධී ගිනිකෙළි කර්මාන්තශාලාවක් බව ද අදාළ වාර්තා සදහන් කරනවා.

මෙම කර්මාන්ත ශාලාවට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඉන්දීය බලධාරීන් සදහන් කරන්නේ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මේ සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න