අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද..?

නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද..?

සැබෑ සටන් විරාමයක් නැතිවීමේ අනතුර..? එක්සත් ජාතීන් නිදිද..? යුද්ධය නිම බව හා සටන් වරාමයට එළඔි බව ට්‍රම්ප් කියයි..? ඇමෙරිකව පොර පිටියට පැමිණිය ද රුසියාව හා චීනය..? බටහිර හා ආසියාව යාකරන ගුවන් කලාපය…

සැබෑ සටන් විරාමයක් නැතිවීමේ අනතුර..?

එක්සත් ජාතීන් නිදිද..?

යුද්ධය නිම බව හා සටන් වරාමයට එළඔි බව ට්‍රම්ප් කියයි..?

ඇමෙරිකව පොර පිටියට පැමිණිය ද රුසියාව හා චීනය..?

බටහිර හා ආසියාව යාකරන ගුවන් කලාපය අනතුරකු්ුුු..?

යුද්ධයට එරෙහිව ජනතාව ලොවපුරා වීදි වල..!

මැදපෙරදිග ඇමෙරිකානු සෙබලු 50,000 ක් අනතුරේ..?

ලෝක ආර්ථිකය හා ජාත්‍යන්තර වෙළෙදාම දෙදරීම ඇරඹේ..?

(අශෝක ජයතුංග)

ඉන්දු පකිස්ථාන යුද්ධය චීනය පකිස්ථානයට සහාය දීම තුළ සතියෙන් නිමා විය. ලොවම හොල්ලන යුද්ධයක් එසේ නතර වුවද ඉරානය හා ඊශ්‍රායල් යුද්ධය ඉතා බිහිසුණු ලෙස තටුලමින් වර්දනය වන බවක් පෙනීම ලෝක ආරක්ෂාව හා ලෝක ආර්ථිකය ද දෙදරවීමකි. මීට ඇමෙරිකාව මැදිහත් වෙමින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම ගින්නට පිදුරු දැමීමක් විය. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායල අගනගරය චෙල්අවිව් වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කළේය.

ඉන් නොනැවතුන ඉරානය ඇමෙරිකාව ලෝක බලවතා යයි මායම් කළේ ද නැත. කටාර් හි පිහිටි ඇමෙරිකානු යුද කදවුරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. ඒ තුළ කටාරය තම ගුවන් සීමාව වසා දැමීය. ඒ සමගම UAE ද එයම කළ අතර දැන් ආසියාව හා බටහිර යා කරන ගුවන් ගමන් මාර්ග අවහිරවී දැඩි අනතුරට පත්ව තිබේ.

මැද පෙරදග ඇමෙරිකානු යුද කදවුරු 19 ක් පවතී. කටාර් UAE සවුදි බහාරේන් ඉරාකය ක්වේට් ඉන් මුලික වන අතර ඒවායේ ඇමෙරිකානු සෙබලුන් 50,000 ඉක්මවන පිරිසක් හා නවීණතම යුද උපකරණ ද පවතී.

යුද්ධයට එරෙහිව ඇමෙරිකාවේ වොෂින්ටන් ඇතුළු ලෙවපුරා ප්‍රධාන නගර රැසක ජනතාව ලක්ෂ ගණනන් වීදි බැස්ස ද යුදය නවතන සිල්ලර නොව ස්ථිරසාර සටන් විරාමයකට යන්නට මැදිහත්වීමට තවම කිසිවකු පෙරට පැමිණ නැත. විශේෂවෙන් ඉරාන කදවුරේ සිටින බවට ඇගවූ රුසියාව හා චීනය තවම යුදවාදීව හෝ සාමය වෙනුවෙන් හෝ පෙරට නොඒම තේරුම්ගත නොහැක්කකි. තවද යුද්ධ නැවතීසේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ මොහොතේ වගකීම් විරහිතව ඉටු කරන කාර්ය භාරය කුමක් ද යන්නත් ඉතා ප්‍රශ්නකාරීය. එහෙත් ඉරාන ඊඹ්‍රායල යුද්ධය නිම බවත් සටන් වරාමයකට එළඹි බවත් ට්‍රම්ප් සුළු වෙලාවකට පෙර වොෂින්ටනයේදී කිවේය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නොනිමි ලෝක යුද්ධයක් බවට පත්වේද..? | Lanka Newsweek