නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කෙරේ
ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1

(සංජනා ද සිල්වා)
දැන්වීම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත.
ඒ අනුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු එච්. එම්. ආර්. එම්. තිලකරත්න යන මහත්වරු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අගහරුවාදා (06) වන දින පෙරවරුවේ දිවුරුම් දුන්හ.
දැනට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණ විනිසුරු ධුර දෙකක් වෙනුවෙන් අදාළ පත්වීම් සිදු කර තිබේ.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.
ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 1