නවසිලන්ත ජනතාවගේ ස්වයංක්රීය ගිණිඅවි සියල්ල රජයට..!

(නායක බණ්ඩාර) නවසීලන්තය ජනතාව සතුව ඇති ස්වයංක්රීය ගිනිඅවි රජයට භාර ගැනීමේ වැඩපිලිවෙළක් නවසීලන්ත රජය ආරම්භ කර ඇත. ක්රයිස්ට්චර්ච් නගරයේ ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්රහාරයෙන් පසුව ඔවුන් මෙම…
(නායක බණ්ඩාර)
නවසීලන්තය ජනතාව සතුව ඇති ස්වයංක්රීය ගිනිඅවි රජයට භාර ගැනීමේ වැඩපිලිවෙළක් නවසීලන්ත රජය ආරම්භ කර ඇත. ක්රයිස්ට්චර්ච් නගරයේ ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්රහාරයෙන් පසුව ඔවුන් මෙම ක්රියාමාර්ගය ගෙන ඇත. අදාළ ප්රහාරයෙන් ඉස්ලාම් භක්තිකයන් 51 දෙනෙකු මරණයට පත්විය.
ක්රයිස්ට්චර්ච්හි ප්රහාරයෙන් පසු අර්ධ ස්වයංක්රීය ගිනි අවි ආරක්ෂක අංශ වෙත භාරදිය යුතු බවට නවසීලන්ත අග්රාමාත්ය ජසින්ඩා ආඩර්න් තම ඇමැති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එය වැඩි ඡන්දයෙන් සම්මතවීමෙන් පසු මෙම ගිනි අවි භාරගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. නවසීලන්ත ආරක්ෂක අංශය සඳහන් කරන්නේ මෙලෙස භාරගන්නා ගිනිඅවි විනාශ කිරිමට පියවර ගන්නා බවයි.