අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

නබිතුමාගේ උපන් දින සමරුමක දී බෝමබයක් පිපිරීමෙන් 50ක් ජීවිතක්ෂයට

නබිතුමාගේ උපන් දින සමරුමක දී බෝමබයක් පිපිරීමෙන් 50ක් ජීවිතක්ෂයට

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන් දින සැමරුම් උත්සවයක දී බෝම්බයක් පුපුරා යාමෙන් පනස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.…

නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන් පළාතේ මස්තුං දිස්ත්‍රික්කයේ මුහම්මද් නබිතුමාගේ උපන් දින සැමරුම් උත්සවයක දී  බෝම්බයක් පුපුරා යාමෙන් පනස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල කරුවන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවට ද, මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යනු ඇති බවට ද වාර්තා පළ වන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සන්නද්ධ කණ්ඩායමක් භාර ගෙන නොමැත.

පකිස්ථානයේ සහ ලොව පුරා සිටින මුස්ලිම්වරු සිකුරාදා (29) දිනයට යෙදෙන මුහම්මද් නබිතුමාගේ උපන් දිනය විවිධ උත්සව පවත් වමින් උත්කර්ෂයෙන් යුතුව සමරති. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න