අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

දකුණු කොරියාව ගිනිගනී..!

දකුණු කොරියාව ගිනිගනී..!

"හදිසි තත්වයක් ප්‍රකාශ කරයි" දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල හටගත් ලැව්ගිනි හේතුවෙන් ප්‍රකාශයට පත් කළ ආපදා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ගිනි නිවීමේ කටයුතු තවමත් සම්පූර්ණයෙන් අවසන් වී…

"හදිසි තත්වයක් ප්‍රකාශ කරයි"

දකුණු කොරියාවේ ගිනිකොනදිග ප්‍රදේශවල හටගත් ලැව්ගිනි හේතුවෙන් ප්‍රකාශයට පත් කළ ආපදා තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ගිනි නිවීමේ කටයුතු තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැත. මාර්තු 23 දහවල් වන විට හෙක්ටයාර 847 ක පමණ භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති අතර, පුද්ගලයින් 4 දෙනෙකුගේ මරණය වාර්තා විය.

නවතම වාර්තාවලට අනුව, කොරියානු වන සංරක්ෂණ සේවය අඛණ්ඩව ගිනි නිවීමේ මෙහෙයුම් සිදු කරමින් සිටින අතර, මේ වන විට ගින්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පාලනය කිරීමට හැකි වී ඇත. කෙසේ වෙතත්, තවමත් සම්පූර්ණයෙන් ගින්න නිවා දැමීමට නොහැකි වී ඇති අතර, සුළං තත්ත්වය සහ වියළි කාලගුණය හේතුවෙන් ගින්න නැවත පැතිර යාමේ අවදානමක් පවතින බවද වාර්තා වේ.

ප්‍රදේශවාසීන් රැසක් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය සහන සැපයීමට රජය සහ අනෙකුත් ආධාර සංවිධාන කටයුතු කරමින් සිටී. හානියට පත් ප්‍රදේශවල පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව දකුණු කොරියානු බලධාරීන් පවසා ඇත.

දැන්වීම

මෙම ලැව්ගිනි ව්‍යසනය හේතුවෙන් බලපෑම් එල්ල වූ සියලු දෙනාට සහයෝගය දැක්වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවද අවධානය යොමු කරමින් සිටින අතර, අවශ්‍ය ආධාර සැපයීමට ඉදිරිපත් වී සිටින බවද වාර්තා වේ.
තවදුරටත් මේ පිළිබඳව ලැබෙන නවතම තොරතුරු අප ඔබ වෙත ඉදිරිපත් කිරීමට සූදානම්.

(තෙයස ලහිරු - බුත්තල)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න