අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

තවත් නැවක් පුපුරයි

තවත් නැවක් පුපුරයි

(හේමන්ත තුසිත කුමාර) බදාදා (07) ලෝකයේ විශාලතම වරායක් වන ඩුබායි හි නැංගුරම් ලා ඇති බහාලුම් නෞකාවක දරුණු පිපිරීමක් ඇති වූ බව බලධාරීහු පවසති. තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොමැති අතර පිපිරීමට හේතුව කුමක්ද…

(හේමන්ත තුසිත කුමාර)

බදාදා (07) ලෝකයේ විශාලතම වරායක් වන ඩුබායි හි නැංගුරම් ලා ඇති බහාලුම් නෞකාවක දරුණු පිපිරීමක් ඇති වූ බව බලධාරීහු පවසති. තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොමැති අතර පිපිරීමට හේතුව කුමක්ද යන්න පැහැදිලි නැත.

ගින්න මැදපෙරදිග කාර්යබහුලම ජෙබෙල් අලි වරායේ යාත්‍රාවක ඇතිවූ අතර සිට යෝධ ගිනිදැල් අහසට පිටවී ඇත. ජෙබෙල් අලි වරාය අරාබි අර්ධද්වීපයේ නැගෙනහිර පැත්තේ ඇති වරායක් වන අතර එක්සත් ජනපදයෙන් පිටත ඇමරිකානු යුද නැව් ක්‍රියාත්මක වන වඩාත් කාර්යබහුලම වරාය ද වේ.

මෙම පිපිරීම හේතුවෙන් ඩුබායි නගරය හරහා විශාල කම්පන තරංගයක් මුදා හැර ඇති අතර, වරායෙන් කිලෝමීටර් 25 ක් (සැතපුම් 15ක්) ඈතින් පිහිටි ප්‍රදේශවල බිත්ති සහ ජනෙල් සෙලවීමට තරම් ප්‍රබල විය. මෙම පිපිරීම චන්ද්‍රිකාවක් මගින් අභ්‍යවකාශයේ සිට දැකීමට තරම් ප්‍රබල විය.

දැන්වීම

පිපිරීමෙන් පැය 2 1/2 කට පමණ පසු ඩුබායිහි සිවිල් ආරක්ෂක කණ්ඩායම් කියා සිටියේ ගින්න පාලනය කර “සිසිල් කිරීමේ ක්‍රියාවලිය” ආරම්භ කළ බවයි. 

පිපිරීම අවතක්සේරු කිරීමට උත්සාහ කරමින් ඩුබායි මාධ්‍ය කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මොනා අල්-මාරි, අල්-අරාබියා පුවත් සේවයට පැවසුවේ මෙම සිදුවීම “ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි” බවත්, බලධාරීන් ඒ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත්ය.

තවත් නැවක් පුපුරයි

තවත් නැවක් පුපුරයි

තවත් නැවක් පුපුරයි
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න