චීන හමුදා පහසුකම් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවයි ද..?

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි චීනය එන පොට හොඳ නැහැ උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත් කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන…
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
චීනය එන පොට හොඳ නැහැ

උපායමාර්ගිකව වැදගත් ඉන්දියානු සාගර කලාපයේ වැඩි බලපෑමක් අත්පත් කර ගැනීම සඳහා අමෙරිකාව සහ චීනය අතර ඇතිව තිබෙන සුප්‍රසිද්ධ භූ දේශපාලන තරගය මධ්‍යයේ තවත් මත ගැටුමක් නිර්මාණය වී ඇත.
මෙම තත්ත්වය උද්ගත වී තිබෙන්නේ චීන මහ ජන විමුක්ති හමුදාව (PLA) සහ ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරීත්වය පිළිබඳව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් අනතුරුවය.
දැන්වීම
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව, එක්සත් ජනපද කොංග්රස් මණ්ඩලය වෙත 2021 වර්ෂය සඳහා වන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් අනාවරණය කර තිබෙන්නේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් මහජන චීන හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවය.
චීනයේ හමුදා සහ ආරක්ෂක සංවර්ධන ක්‍රියාකාරිත්වය පිළිබඳව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙම වාර්තාව සකස් කර තිබෙන අතර එහි වැඩි දුරටත් සඳහන් වන්නේ චීනය සිය හමුදා බලය විශාල ප්‍රදේශයක පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 13ක සිය හමුදාවට පහසුකම් සපයන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ඉඩ ඇති බවය.
ශ්‍රී ලංකාව සමග කාම්බෝජය, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්ථානය ඇතුළු රටවල් 13ක් චීනය මේ සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව ද, චීනය සිය නාවික, යුද සහ ගුවන් හමුදා ශක්තිය වැඩි කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බව ද අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.