ගෝලීය ණය ගැන කතා කරන්න චීනය එකඟ වෙයි

ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර…
ලෝකයේ විශාලතම ද්වි පාර්ශ්වික ණය හිමියා ලෙස ගෝලීය ප්‍රජාව මුහුණ දී සිටින ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වට මේස සාකච්ඡාවකට පැමිණීමට චීනය කැමැත්ත පළ කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කර ඇත.
මෙම වට මේස සාකච්ඡාව ඉහළම මට්ටමින් පැවැත්විය යුතු බවත් ඊට ණය හිමියන්, ණය ලබා ගත් ඇතැම් පාර්ශ්ව සහ පුද්ගලික ණය හිමියන් සමඟ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ G-20 සමුළුවේ සභාපතිවරයා සහභාගී විය යුතු බව ද ඇය පෙන්වා දෙන්නීය.
චීන බාලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් පසුව ලෝකයේ දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දී සිටින ණය අර්බුදයට විසඳුම් සෙවීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය ප්‍රකාශ කරන්නීය.
ණය සහන ක්‍රියාවලිය සාධාරණ එකක් කිරීම සඳහා පුද්ගලික ණය හිමියන් සහ බහුපාර්ශ්වික නියෝජිත ආයතන ණය අර්බුදයකට මුහුණ දී සිටින රටවල ණය යම් ප්‍රමාණයක් කාප්පාදු කිරීමට එකඟ විය යුතු බව චීනය තර්ක කර ඇත.