අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

කොවිඩ් අස්සේ දියමන්ති සෙවීම

කොවිඩ් අස්සේ දියමන්ති සෙවීම

දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන KwaHlathi ප්‍රදේශයේ 2021 ජුනි 12 වන දින සිට මේ දක්වා (21) ඉතා කලබලකාරී තත්වයක් ඇති විය . ඒ 3000ක් පමණ පිරිසක් හෙක්ටයාර 5ක ප්‍රදේශයක හිටිහැටියේ දියමන්ති කැණීමට…

දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන KwaHlathi ප්‍රදේශයේ 2021 ජුනි 12 වන දින  සිට මේ දක්වා (21)  ඉතා කලබලකාරී තත්වයක් ඇති විය . ඒ 3000ක් පමණ පිරිසක්  හෙක්ටයාර 5ක ප්‍රදේශයක හිටිහැටියේ දියමන්ති කැණීමට පටන් ගැනීම නිසාය. මීට හේතුව වූයේ එම ප්‍රදේශයෙන් එක්වරම දියමන්ති හා සමාන පෙනුමක් ඇති හඳුනා නොගත් පාෂාණ විශේෂයක් හමු වීමය . KwaHlathi ප්‍රදේශයේ ජීවත වන ජනතාව ඉතා දුප්පත් ජන කොටසක් වන අතර දෛවය විසින් ඔවුනට ලබා දුන් ත්‍යාගයක් ලෙස සලකා වැල නොකැඩී පැමිණෙමින් මීටර ගණන් පොළොව හාරා දියමන්ති කැනීමේ නිරත වූහ .

මිලියන 1.8 ක් පමණ කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන දකුණු අප්‍රිකාවේ 60,000 ක පමණ මරණ ප්‍රමාණයක් වාර්තා වන මොහොතක මෙවැනි ජනතාවක් එක තැනකට රැස් වීම දකුණු අප්‍රිකානු රජයට ද , එරට කොවිඩ් මර්දන වැඩ පිළිවෙලට ද  ප්‍රශ්නයක් බවට පත්ව තිබුණි.
ඉන් අනතුරුව  එයින් ලැබුණු පාෂාණ සාම්පල් සියල්ලම වාගේ පරික්ෂා කිරීමෙන් පසු සොයා ගනු ලැබුවේ ඒවා සියල්ලම Quartz Crystal බවයි. ඒවා දියමන්ති හා සැසඳීමේදී මිලෙන් ඉතා අඩු වටිනාකමකින් යුක්ත වේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න