අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඔසී හදවතට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය

ඔසී හදවතට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය

ත්‍රස්ත පියා මියයයි.. පුතා බරපතල තුවාල සමග ඇතුලට තුවක්කුකරුවන් සමග පොරබැදු වීරයාට මුදල් කන්දක්..! (අශෝක ජයතුංග) ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි බොන්ඩ් වෙරළ තීරයේ පැවැති 1000 කට අධික පිරිසක් එක්වූ යුදෙව්…

ත්‍රස්ත පියා මියයයි.. පුතා බරපතල තුවාල සමග ඇතුලට

තුවක්කුකරුවන් සමග පොරබැදු වීරයාට මුදල් කන්දක්..!

(අශෝක ජයතුංග)

ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි හි බොන්ඩ් වෙරළ තීරයේ පැවැති 1000 කට අධික පිරිසක් එක්වූ යුදෙව් ආගමික උත්වයක් ඉලක්ක කරමින් එල්ලවූ වෙඩි ප්‍රහාරයෙන් මේ වනවිට 15 කට අධික පිරිසක් මියගොස් 42ක් තුවාල ලබා තිබේ.

පුහාරය එල්ල කළේ වයස 58 ක් හා 24 මට්ටමේ පියපුතු දෙදෙනෙකි. ඔවුහු මුස්ලිම් සම්භවයක් ඇති අය බව ද කියවේ. පියා පළතුරු කඩයක් පවත්වාගෙන ගිය අයෙකු වන අතර පුත්‍රයා ඕස්ට්‍රෙලියානු ආරක්ෂක අංශ විසින් සැක කටයුතු අයෙකු ලෙස නම්කර ප්‍රශ්න කොට තිබූ අයෙකු ලෙස ගැනේ.එම පියා ප්‍රහාරයේදී මියගිය අතර පුත්‍රයා බරපතල තුවාල ලබා අත් අඩංගුවට පත්ව තිබේ.

එම පියාගේ ඇගට පැන තුවක්කුව උදුරාගෙන ජීවිත රැසක් වැළකූ අහමඩ් අල් අහමඩ් ට දැනට රෝහල්ගතව සිටින අතර ඔහුගේ වීරත්වය වෙනුවෙන් ඩොලර් 99,999 ක් ප්‍රධානය කිරීමට එරට බිලියනපතියෙකු ක්‍රියා කල අතර එම අරමුදල මේ වනවිට ඩොලර් ලක්ෂ 05 සීමාවට ලගා වෙමින් පවතී.

මෙය ජාතියේ හදවතට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව ඕස්ට්‍රෙලියානු අගමැති ඇන්තනි ඇල්බැන්සි මහතා ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඔසී හදවතට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය | Lanka Newsweek