අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

එක්සත් ජාතීන්ගේ සමුළුවේ අලකලංචි රැසක්...?

එක්සත් ජාතීන්ගේ සමුළුවේ අලකලංචි රැසක්...?

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදුලි පඩි පෙළ සහ ටෙලිෆොම්ටරයත් හිර වේ ඇමරිකානු ජනපති එක්සත් ජාතීන් ඇතුළු හතර වටේටම නෙලයි ප්‍රංශ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පේලියට හිර වී පැය බාගයක් මහා පාරේ විනාඩි 45 ක පා ගමනින්…

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදුලි පඩි පෙළ සහ ටෙලිෆොම්ටරයත් හිර වේ

ඇමරිකානු ජනපති එක්සත් ජාතීන් ඇතුළු හතර වටේටම නෙලයි

ප්‍රංශ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රථ පේලියට හිර වී පැය බාගයක් මහා පාරේ

විනාඩි 45 ක පා ගමනින් ප්‍රංශ ජනපති ගමනාන්තයට

ඇමෙරිකාව ප්‍රංශයට ව්‍යායාම පුහුුණු කළා-එමානුවෙල්ගෙන් සුන්දර වදනක්.

එක්සත් ජාතීන්ගේ සමුළුවේ අලකලංචි රැසක්...?

(අශෝක ජයතුංග)

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සමුළුවේ 80 වැනි මෙවර සැසිවාරය දැන් පැවැත්වේ. ඊට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 190 කට වැඩි රටවල රාජ්‍ය නායකයන් සහභාගීවේ.

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් සැසිය අමතා නිව්යෝර්ක් හි එජා ප්‍රංශ තානාපති කාර්යාලයට යාමට පැමිණි අවස්ථාවේ  ජනපති ට්‍රම්ප් ගේ වාහන පේලියට යාම සදහා මෑන්හැටන් හි මාර්ග වසා තිබිණ.පැය බාගයක් හිරව සිටි ප්‍රංශ ජනපති ට්‍රම්ප්ට ඇමතුමක් ගෙන තමා සිරව සිටින බවකීව ද ආරක්ෂක හේතු මත යොදා තිබූ මාර්ග බාධක ඉවතලා ප්‍රංශ ජනපතිට යාමට ඉඩ සැලසීමට ජනපති ට්‍රම්ප් ගේ ආරක්ෂක ජාලය ඉඩ දුන්නේ නැත.පසුව  විනාඩි 45 ක පාගමනින් තානාපති කාර්යාලයට පැමිණි ප්‍රංශ නායකයා සිනහ වෙමින් කීවේ ඇමෙරිකාව ප්‍රංශයට ව්‍යායාම කරවීම පුහුණු කරන්නට ක්‍රියාකල බවය.

දැන්වීම

එක්සත් ජාතීන් ඇමතීමට ගිය ට්‍රම්ප්ට ද අකරතැබිබ කිහිපයකට මුහුණ දීමට සිදුවිය. ඔහුට යාමට තිබූ එළිවේටරය (විදුලි පඩිපෙල) ක්‍රියාකළේ නැත. පඩිපෙලවල් නැගීම වයස 79 ක ට්‍රම්ප් වෛද්‍ය උපදෙස් මත නොකරන පසුබිමක පඩිපෙල නැගීමට ඔහුට සිදුවිය.

හති දාගෙන ගිය ජනපති ට්‍රම්ප් ඊලගට මුහුණ පෑවේ තවත් ගැටලුවකටය.සභාව ඇමතීම සදහා සූදානම් කොට තිබූ ටෙලිෆොම්ටරය (කතාව අඩංගු තාක්ෂණ මෙවලම) ක්‍රියා කළේ නැත. තම හිතට එන එන දේ කියූ ට්‍රම්ප් හතර වටේ වැනුවේ එක්සත් ජාතීන් ඇතුළු ඇමෙරිකාවෙන් ගේම ඉල්ලන හැම දෙනාම ඉලක්ක කරමිනි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න