අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

උ.කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවයි..!

උ.කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් අත්හිටුවයි..!

ලෝක සාමය තහවුරු වන ලකුණු..! (සුජිත් මංගල ද සිල්වා) මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නතර කිරීමට උතුරු කොරියාව තිරණය කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීමට…

ලෝක සාමය තහවුරු වන ලකුණු..!

(සුජිත් මංගල ද සිල්වා)

මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් වහාම නතර කිරීමට  උතුරු කොරියාව  තිරණය කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීමට ක්‍රියා කරන අතර  න්‍යෂ්ටික අත්හදා බැලීම් පරිශ්‍රය වසා දැමීමට පියවර ගන්නා බව උතුරු කොරියානු නායක කිම් ජොන් පවසයි.

ඒ අනුව අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල එල්ල කිරීම නතර කිරීමට කොරියානු රජය සියලු කටයුතු යොදා තිබේ.

කොරියානු අර්ධද්වීපයේ ආර්ථික වර්ධනය සහ සාමය අරුමුණු කරගනිමින් කොරියානු නායක කිම් ජොන් මහතා මේ තීරණය ගෙන ඇති බව කොරියානු රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙයි.

මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඉදිරි සතියේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් මහතා ද ජූනි මාසයේදී  පළමු වරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දහමුවීමට නියමිත ය.

උතුරු කොරියානු නායක කිම් ජොන් මහතාගේ මේ තීරණය  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර සිටින්නේ මේ තීරණය උතුරු කොරියාවට සහ මුළු  ලෝකයටම්  ඉතා හොඳ ප්‍රවෘත්තියක් වනු ඇති බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න